Ads Top

අසරණ නොකර මැරියන් !


අසරණ නොකර මැරියන් ! 

සිත්තම් මායා | අනූ පෙරේරා 

නැති උනාම මිනිහෙකුගේ ජීවිතය 
නෑ.. 
නැති කරගත්තාම මිනිහෙකුගේ ජීවිතය 
ඒ වේදනාව ගොඩක්ම, 
නොවෙද දැනෙන්නේ අතක දුරින් හරි ඌට 
අයිතිකාරකම් සෙනෙහසින් කියුව 
පපුව කඩාන ඔවුන් තියූ විලාපය 
මැරුණ එකාට ගාණක්වත් ඇති නැතුව 
ඇයි අප්පා එහෙම ? 
කෝ ඒකෙ සමබර ගතිය ?
ප්‍රශ්න තියෙනවා, ඇත්ත  
ඇතිවෙන්න නැතිවෙන්න 
ඒත් මගේ මිතුර 
ප්‍රශ්නයක් දරාගන්නට 
මිනිහෙකුට නැතිනම් ශක්තිය 
කරගන්න එපා බං කසාදයක් 
නොහදපන්  බං ළමයෙක් 
සංවර කරගෙන උඹලගේ ඔය හෝමෝන 
පාඩුවේ ඉඳිල්ලා බං වෙලා පැත්තකට 
අසරණ වෙන්නෑනේ එතකොට 
අහිංසක ළපටි ජීවිත 
උඹ නම් මචං යාවි කර පිටින් 
මුකුත්ම නොවුන ගාණකට 
පාඩුවේ නිදාගෙන සදහටම 
ඒත් උඹ දන්නවද ?
මම දකිනවා මෙතැන 
මෑතකදී උඹ අතිනත ගත් රත්තරං පණ කඳ 
විලාප තියනවා පටාචාරාවක් ලෙස 
දරන්න අමාරුයි බං ඒක 
උඹ මත්තේම නැහෙන 
ඉතිං අපි සැවොම 
තියනවා උඹේ මළ වලටත් හෙණම 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.