Ads Top

සන්ධිස්ථානයක් !


සන්ධිස්ථානයක් !

සිත්තම් මායා | අනූ පෙරේරා 

තවත් හෝරා කිහිපයකින් එළැඹෙන 
ඒ අළුත් දවසට 
සින්නක්කර කරනට වේවි 
මාගේ ජිවන ගමනම  
ගාලු පාරට 
කිලෝමීටර හැත්තෑවක් අසූවක් 
අම්මාගෙන් වෙන් වෙන්නට වේවි 
ආයෙත් 
සුපුරුදු කොළොම්පුරයට 
හුරු වන්නට වේවි නැවතත් 
තනියෙන් 
යාළුවෙක් යන නාමයක් නැතිවම 
හිරවන්නට වේවි 
ඇමරිකන් ඉංග්‍රීසි කතා බහට 
පොෂ් පන්නයේ විලාසිතාවට 
හිතෙන්නෙම 
මේ මාගේ තටු කප්පාදු කිරීමක් ද 
අතේ තිබි පෑනත් කැමරාවත් 
බලෙන් මෙන් උදුරා ගැනීමක් ද 
මේ අකුරු වන්නේ 
ඉදිරියේදී ගාලු පාරෙන් එහා ඉන්නා 
නිහඬ වෙරළ තීරය 
ඇසීමට පොරොන්දම් දුන් 
සෝමනස්සය මිශ්‍ර වුණු දෝමනස්සයයි 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.