Ads Top

ඒ ගමනට මුල පුරමුද


ඒ ගමනට මුල පුරමුද 

සිත්තම් මායා | අනූ පෙරේරා 

"උඹ වගේ තව එකෙක් හිටියානම් 
තාත්තගෙයි මගෙයි ඔළු වල 
කොන්ඩේ අමුතුවෙන් හිටවන්න වෙනවා"
ගාලු ගමන ගැන මං කරපු අතිජාති විස්තර කිරීමෙන් පස්සේ 
නිකටට අතකුත් තියාන, මං දිහා එක හුස්මට බලාන 
අම්මා කියෙව්වා 
ඒ විස්තර කිරීමේ තිබ්බෙත් අනික පොඩි පොඩි ජඩ වැඩ කිහිපයක් විතරමයි 
සම්පූර්ණයෙන්ම කරපු කියපු හොර වැඩ ජඩ වැඩ ටික 
දිග අරින්න ගියානං 
දරුකමත් අහෝසි වෙනවා, ඒක ෂුවර් 
ඉතිං කිරලා මැනලා කපලා කොටලා ගාන්ට මිම්මට කියලා දැම්මා 
අම්මට විතරක් 
තාත්තානම් ඔය මෙලෝ හත්තිලව්වක් දන්නේ නෑ හැබැයි  
අහනකොටම 'එපා'  කියන්න එයා ප්‍රසිද්ද හින්දා 
කියන්නෙත් නෑ අවසර ගන්නෙත් නෑ 
ඔව් අඩෝ මං පට්ට මුරණ්ඩු යි 
එපා කිව්වොත් ඒකම කරනවා 
අම්මා ඒම නෑ 
එයා දන්නවා, එයාගේ කෙල්ල කොයි දිපන්කරේ ගියත් 
ජාමේ බේරාගෙන එනවා කියන්ඩ 
මොකක් හරි උනොත් පෙරේරා රාළහාමි අම්මගේ ඔළුව කනවමයි 
කියලා දන්න නිසා මාත් ටිකක් විතර පරිස්සම් වෙනවා 
කෝමහරි මේ දේවල් කියවන මගේ නෑයෝ වේයෝ ඉන්නවා නම් 
අපේ තාත්තගේ කනේ මෙව්වා තියනවා නෙවෙයි හරිය 

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.