Ads Top

ලූප්ත කලාකරුවා


ලූප්ත කලාකරුවා 

සිත්තම් මායා | අනූ පෙරේරා 

කලාකාරයෙක් 
බිහිවන්නේම 
හුදු විරහවෙන්මය 
ඉතිං ඔහුගේ නිර්මාණය විරහවක්මය
ආදරය වාගෙ නොව
විරහව හෙන මාකට් ය
මිනිසුන්ගේ හිත අහන්න පුරුදුම
වේදනාවමය
ඉතිං විශ්වය පිරවෙන්නේම 
වේදනාවෙන්මය 
ඒකපාර්ශවීය ආදර මතකයකට
විස්කි උගුරු දෙකක් 
කලවම් කොට
නිර්මාණකරුවෙකු අතින්
සම්භාවනීය යැයි 
බිහිවන්නේ 
ආන්න ඒ කියන්නා වූ වේදනාවමය
ඉතිං ලෝකය සමබර වන්නේ කොහොමද
දුක සතුට අතරේ 
බරින් වැඩිම දේ 
නුඹ දැන් දන්නවාද

#අනුවා


Siththam Maya | Anu Perera. Powered by Blogger.