Ads Top

ජන්මයක් නැති අකුරු


ජන්මයක් නැති අකුරු 

සිත්තම් මායා | අනූ පෙරේරා 

සමහර 
ජාතියක් ජන්මයක් නැති අකුරු 
ලියවෙන්නෙම 
මිනිසුන්ගේ හිත රිදෙන විදියටමයි 
ඒවාට 
නැහැ කිසිම 
හැඟීමක් 
කිසිම තෙතමනයක් 
එනමුත් ඒවා යතාර්ථයක් අතරින් 
සමාජයක් හා මුහු වන්නට 
එනවා වෙන්නට පුළුවනි 
කෙනෙකුගේ සැනසීමක් 
කෙනෙකුගේ ආවේගයක් 
නිවාලන අකුරු 
හැඩ ගන්නෙම 
ලියන්නාගේ ආවේගයේ රූපයයි 
කිසිවෙකුගේ වගවීමක් නැතිවම 
ඒවා සමාජයක 
මුල් බැස ගන්නට පටන් ගනී 
කෙනෙකුගේ කිර්තිය 
නැති වනතුරුම 
තවත් කෙනෙකු 
මියැදෙන තුරුම 
අකුරක දෙකක බලපෑමක් 
ඉතාමත් ප්‍රමාණවත් 
වන්නට පුළුවනි 
ප්‍රවේසමෙන් 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.