Ads Top

අනාගත සිංහලය


අනාගත සිංහලය 

සිත්තම් මායා | සනුර යසස්වින්

පරවි ලිහිණි මයුර ගිරා සඳැස් බිහිවුනා..
සිංහල ඉතිහාස පොතේ රනින් බැබලුනා..
කවියෙන් හෙල දස් කම් පෑ කවියො සිහිවුනා..
සඳැස් මකා එස්.එම්.එස්.  යුගය බිහිවුනා...

අතීතයේ පුරසාරම් දොඩවනා තරම්..
නව යුගයේ තාක්ස්ෂනය නොවටිනා තරම්..
හැත්තෑවේ ගැයුනු සින්දු වගේ ඉස්තරම්..
ඇහෙනවදෝ වෙනත් සිංදු නොමැත මතකනම්...

සිංහලයේ වටිනා කම නොදත් බෝ දෙනා..
ගරහන්නේ මව් බසටම පතේ පහරනා..
විහැඟි වදන් නොතේරෙනා කමින් ලතවෙනා..
රොක් ඇහුවට පොෂ් වෙන්නෑ සෝබනේ විනා...

සඳැස් ‍රැගෙන යන මාවත පැහැදිලි වෙන්න..
සැලලිහිණිය මග විසිතුරු නරඹා යන්න..
සොඳුරු වදන් ගලපාගෙන කවි පබඳින්න..
සොෆ්ට් වෙයාර් තිබුනේ නෑ එය දැනගන්න..

අනාගතේ යම් දවසක වැලලී යන්න..
ඉඩ නොතබනු මැනවි කවිය පනසෙ රකින්න..
රසවිඳිනා අයුරු මදක් සිතල බලන්න..
නව නළු රස කැටිකොට නව ගීත නගන්න..

(Wall-E ලෙස කාර්ටූන් චිත්‍රපටියක් පසුගියදා නරඹන්නට අවස්ථාවක් ලැබුනි..
එහි එන අන්දමට අනාගතයේ දිනයක මිනිසා හැඟීම් දැනීම් නැති.. දෙපයින් සිටගැනීමට නොහැකි 

දෑත් පමනක් වැඩ කරන ගමන් කරන පු‍ටුවකට තම දිවිය සීමා කරගත් මිනිසෙකු වනු ඇත..
සන්ගීතය, කලාව, වැනි දෑ නොදන්නා.. නොහැ‍ඟෙනා.. පුද්ගලයකු බවට පත් වනු ඇත...
තාක්ෂණය අවශ්‍ය පමණ දැන භාවිතා කිරීම වඩා යෝග්‍ය බව මට හැඟේ..)

#සනුර 
Siththam Maya | Anu Perera. Powered by Blogger.