Ads Top

ආදරණිය ෂොට් එකක්


ආදරණිය ෂොට් එකක් 

සිත්තම් මායා | අනූ පෙරේරා 

සැබෑවටම මිනිසුන්ට පුළුවන් 
සංයමයෙන් ආදරය කරන්න 
ඔය අපි බයිස්කෝප් වල දකින්නේ 
ගෑල් ළමයා හයියෙන් හිනා වෙනකොට 
බෝයියා ඒ දිහා බලලා වෙනම සංතෝස වෙන්නේ 
හෙනම රොමෑන්ටික් බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකකට 
ස්ලෝ මෝෂන් රෝලින්ග් ෂොට් එකක් 
එතකොටම වැරදිලා වැටෙන පොඩි වැස්සකට තිගැස්සිලා 
ගෑල් ළමයා දුවලා දුවලා හෝල්ට් එකක් යටට යනවා 
පිරිමි ළමයා හෙමිට වගේ ඒ පස්සෙන්ම එනවා 
ඔතනට සුදු පාට කොස්ටියුම් එකක් හොඳයි 
හෝල්ට් එක යට හිටියට ගෑළමයාගේ හිත තියෙන්නේ වැස්ස ළඟ 
එයා වැටෙන වැහි බිංදු ආයේම උඩට යන පරිදි 
අතින් මේම මේම කරනවා 
පිරිමි ළමයා ගෑල් ළමයට පපෙන්ඩිකියුලර්ව 
ඒ කියන්නේ ලම්භකව හිටගෙන 
එයා දිහා බලාගෙන ඉන්නවා 
ඇස් වල පොඩි එකෙකුට වගේ ආදරයක් පෙන්නගෙන 
පිරිමි ළමයට යාළුවෝ සෙට් එකකුත් හිටියානම් හරි 
ගෑල් ළමයට එයාගේ හොඳම යාළුවා ඇති 
හෝල්ට් එක ඉස්සරහා පිරිමි ළමයින්ගේ බයික් ටික 
මේ ආදර වැස්සෙන් බැට කනවා 
මේ සීන් කෝන් ටික ගෑල් ළමයාගේ හොඳම යාළුවා දකිනවා 
එයා යාළුවගේ කනට රහසක් කියන දර්ශනය 
වයිඩ් ෂොට් එකකට පදමට තියෙනවා 
ගෑල් ළමයා යාළුවගේ අතට වැලමිටෙන් ඇනලා 
ලජ්ජාවට හිනාවෙනවා 
ඒ හිනාව එකෝ කරලා 
මෙතෙක් වෙලා දෙබස් නොතිබූ පාළුව මකා දමනවා 
ගෑල් ළමයා පිරිමි ළමයා දිහා 
වරින් වර බලන අතරේ 
පිරිමි ළමයා නම් උලමෙකු සේ 
ඇය දිහාවටම ඇස් ගෙඩි යොමාගෙන සිටිනවා 
ගට් එක ගත් ඇය 
පදනම් විරහිතව හෝල්ට් එක කීය නොබලාම 
පිරිමි ළමයාගේ ආදරේ හිඟා කනවා 

අන්තිමේට ඒ අහිංසක පිරිමි ළමයට ඇහැරෙනවා 

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.