Ads Top

අවසානයේ ඇය පට්ටම වේ**කි


අවසානයේ ඇය පට්ටම වේ**කි 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ගැහැණියක් 
දිනකට කී වතාවක් 
පිරිමියෙක් අතින් දූෂණය වෙනවද
කිසිම පැමිණිල්ලක් නැතිවම
කිසිඳු නඩු විබාගයක් නැතිවම 
කිසිම සාක්ෂියක් ඉතිරි නොකරම 
පිරිමින් කීදෙනක් 
ඇගේ මුලු සරුවාංගයක් 
සිඹිනවා ඇත් ද
ඈ සමග යහන්ගත වනවා ඇත් ද
ඇයට බඩුවක් කියනව ඇත් ද 
ඇති 
හොඳටම ඇති 
ඇගේ එකඳු බ්‍රා පටියක් 
අයෙකුගේ සිතේ සිනමාව 
මැවිම ඇරඹෙන්නට 
ඇගේ අපහසුව 
පිරිමින් කීදෙනෙකුගේ 
වින්දනයක් වනවා ඇත් ද 
ඇය වසාගෙන යන විලි 
කීදෙනෙකුට නිරුවත් වනවා ඇත් ද
මේ කිසිවක් නොදත් ඇය 
කෙතරම් දුරට 
සමාජයකට 
පට්ටම වේසියක් 
වනවා ඇත් ද
එනමුත් 
සිතිවිලි වලට 
කොහෙද සීමාවක් 
කොහෙද තහනමක් 

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.