Ads Top

සෙල් සිතක්


සෙල් සිතක් 

සිත්තම් මායා | අනූ පෙරේරා 

දෙනෝදාහක් මැද 
තනිවෙනවා කියන්නේ 
වචනෙන්වත් විස්තර කරගන්න බැරි 
පුදුමාකාර මූසල හැඟීමක් 
බහුතරයකට නොහැඟුනත් 
සුළුතරයකට මා වෙනස් වී ඇත 
කල්පනා ලෝකයකට 
super glue සමඟ වැටී ඇත 
සත්තකින්ම එය 
ප්‍රේමයක පෙරනිමිති නම් නොවේ 
ඒ සඳහා තවමත් මා 
ජිවිතයේ 
කාලය වෙන් කොටගෙන නැත 
ජීවිතයේ වැටීම් සහ නැගිටීම් 
අවධීන් වේගයෙන් පසුවෙමින් පවතී 
ඒ වේගය කෙතරම් දැයි කිව්වොත් 
වැටිමක සුසුමක් 
විශ්වයට මුදාහරින්නටත් පෙර 
නැවතත් වැටීමකටම ලක් වී ඇති බැව් දැනීමයි 
දැඩි තීරණ ගන්නට සිදු වී ඇත 
සමීපතමයන්ගේ සිත් 
අකමැත්තෙන් හෝ රිදවීමට සිදු වී ඇත 
කැපකිරීම්, අමතක කිරීම්, හැර යාම් 
තවත් තවත් බොහෝ දේ 
එකඳු කඳුලක් හෙලන්නට වරම් නැතිවම 
ඉබේ සිදු වන්නට ඉඩ දී 
බලා නොබලා සිටින්නට 
දෛවය විසින් ඉතා ආශාවෙන් 
කටයුතු සංවිධානය කොට ඇත 
එනමුත් ලෝකයාට අමාරුම දේ 
මම ලෙහෙසියෙන් ඉටු කරලමි 
" හිනාවකට " 
ගැටළු සියල්ලක් ලඝු කරමි 
වෙලාවක් තිබුනොත් 
හොඳ මුවහත් පිහිතලෙකින් 
මගේ ලයත් කපලා බලාපං 
ඇතුලේ ගල් ගෙඩියක් තියෙනවද කියලා 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.