Ads Top

අනුවගේ සෙනසුරාදාව I


අනුවගේ සෙනසුරාදාව I

සිත්තම් මායා | අනූ පෙරේරා

පෑවිල්ල හින්දද මන්දා දැන් උදේ 11,11.30 වෙනකොට මාර රස්නයක් නේ තියෙන්නේ. ඊළඟ සතියේ exam එකක් තියෙන නිසා අද (සෙනසුරාදා) අපිට නිවාඩු. පාඩම් කරලා exam ගොඩ දාන ළමයින්ගේ කුලකේ මමත් නැති නිසා හිතේ හැටියට ආතල් එකේ ඉන්නවා. උදේම පටන් ගත්තේ හින්දි පික්චෑර් එකකින්, නැගිට්ට වෙලාවත් එක්ක බැලුවොත් ඔය පික්චෑර් එක ඉවර වෙන්ට හරියටම 12 විතර උනා. පැය තුනකට විතර වග කියනවනේ හින්දි ඒවා. ඒකත් හෙමිට ඉවරයක් කරලා දාලා වත්ත පැත්තට බහිනකොට දැක්කේ ඉස්සරහම තියෙන උගුරැස්ස ගහ. පෙරේරා රාළහාමි ගමටම බෙදලා ඉතුරු ගෙඩි ටිකක් ගහේ ගැහි ගැහී තිබුණා. එහෙමයි කියලා ඒවා ඉඳුල් නොකර තියන්නත් බෑනේ. හා නැද්ද ? අනික ඉතිං ගඩා ගෙඩියක් දැක්කම අත පිහාගෙන නිකං ඉන්න පුරුද්දක් මේ අවුරුදු විසි ගාණකටම මට තිබිලත් නෑ. එහෙව් එකේ ඒ ප්‍රතිපත්ති කඩන්නත් බෑනේ. ඒකයි මේ මෙච්චර පැහැදිලි කරන්නේ.

හරි කෝමහරි ඔය ගහට කුරුමානම් අල්ල අල්ල ඉන්න වෙලාවේ ඊයේ (පෝයදවසේ) පන්සලෙන් කාලෙකට පස්සේ මුණ ගැහුණ යාළුවෝ දෙන්නෙක් පොදු ලිඳට යන ඇඳුම් වගේකුත් තුරුල් කරගෙන,

“ අනුවෝ... යන්නං මචං ” කියාගෙන ගියා.

“ ඒහ්හ් .... මෙහ්හ් .... උගුරැස්ස ඕනෙද ? ”

 “ තියේ නම් කමු ”

“ එනවා.. එනවා... එහෙනං ”

මුන් දෙන්නා මාව පහු කරලා ගියාට වඩා ඉක්මනින් මගේ ගාවට ආවා.

“ නැද්ද හොයාගන්න දිග ලීයක් ” උන් දෙන්නා තරඟෙට ලී හොයනවා

“ ලී වලින් කඩන්න පුළුවන් ජාතියක්ද ඕයි උගුරැස්ස කියන්නේ, මෙන්න මෙහෙ එනවා. මං ගහට නගින්නම් ”

“ අඩේ අම්මා... අමතක උනානේ අනුවට ගස් නගින්න පුළුවන් කියලා ” සිරික්කිය දාගෙන ලී පැත්තක දාලා උන් ආවා මං ගාවට.

“ දැන් කියනවා බලන්න මොනාද මතක කියලා ” මං එහෙම අහන්න ප්‍රධානතම හේතුව උනේ ඉස්සර අපි ගමේ අවුරුදු උත්සව කරන කාලේ මුන් දෙන්නයි මායි කැටුව තව හිටපු ගැන්සියෙන්ම මායි චතුවයි තමයි ගස් වලට නැගලා හොරෙන් අඹ කැඩුවේ, ඔය ඒකි මෙකි නොකී කන්න පුළුවන් නුපුළුවන් හැම ගෙඩියක්ම කැඩුවේ.

උන් දෙන්නා පිටට පහක් දාලා ගිරිය කැඩෙන්න හිනා උනා. සමහර විට ඒ කාලේ නුවර ගෙදර ඇන්ටිලගේ වත්තට පැනලා මාට්ටු උන එක මතක් වෙන්න ඇති.

ඉදිරියට......

#අනුවා


Siththam Maya | Anu Perera. Powered by Blogger.