Ads Top

තනි තරුවයි අනුවයි


තනි තරුවයි අනුවයි  

සිත්තම් මායා | අනූ පෙරේරා

ටික  දවසකින්
ගෙවල් පැත්තේ
අද ටිකක් නිදහසින්
ඉස්සරහා වත්තේ
අයියා වෙනුවෙන්
තේක්ක ගස් හයක්
බිමට කොටන් වෙලා
හැන්දෑවේ හයාමාරට විතර
අත් දෙකත් පිටිපස්සට බැඳගෙන
පොඩ්ඩක් එළියට පහලට බැහැලා
තේක්ක කොටයක් උඩ ඉඳගෙන
අහස බැලුවා
මං ආසයි තරුත් එක්ක කතා කරන්න
තනියම
අහසේ තිබුණේ
එකම එක තරුවයි
මම එයා දිහා බලාන හිටියා
මං එයත් එක්ක කතා කළා
හිතේ තියෙන දේවල් බෙදා ගත්තා
එයත් මං දිහා බලන් ඉන්නවා
මට හිතුනා
එයත් මාත් එක්ක කතා කළා
මට දැනුනා
මං බිම බැලුවා
තාම මම පොළවේ
ඒත් මං හිටියේ
ඔයා ගාව
ඔයා එක්ක කතා කර කර
කෝපි කෝප්පයක් නැතුව

#අනුවා
-          මිනිස්සුන්ට තේරෙන්නේ නැති ගොඩක් දේවල් තරු වලට තේරෙනවා , මට නිකමට හිතුනා.


Siththam Maya | Anu Perera. Powered by Blogger.