අස්රිනා
අස්රිනා
සිත්තම්
මායා | අනූ පෙරේරා
අස්රිනා
,
උඹයි
මමයි
අහසයි
පොලවයි වගේ
අපිට
එකතු වෙන්න බෑ
මේ
බවේ
මම
සාධුකාර දෙනකොට
උඹ
අල්ලාහ් දෙවියන් යදීවි
අපේ
භාශවම අපටම ගැටලුවක් වේවි
ඒත්
අපේ හිත්
හෙමි
හෙමීට
මොනාදෝ
කියෝනවා
කොතනින්
කොහොම නවතීද
අපි
බලා ඉමු
ලෝකෙට
ඉඩ දීලා
මතු
බවයක
උඹට
පුලුවන්ද
සිංහලයෙක්
වෙලා උපදින්නට
මීට,
සිංහල
පිරිමි හිතක්
#අනුවා
No comments:
Post a Comment