Ads Top

උඹලා හෙන ලොකු මිනිස්සු නේද


උඹලා හෙන ලොකු මිනිස්සු නේද

සිත්තම් මායා | අනූ පෙරේරා 

තවත් කෙනෙකු මත රඳා පැවැත්ම 
නොකළ යුතු දෙයක් 
පසු ගිය පුරාවටම 
මම එය නොකලෙමි 
ඇතැම් විට 
මාගේ දෙමව්පියන්ට පවා 
මම බරක් වෙන්නට ඉඩ දුන්නේ නැත 
එහෙව් මං 
තවෙකෙකුට වාතයක් වෙයිද 
හපොයි නෑ 
ඒත් 
එක්තරා තැනකදී 
මා අතිශය විශ්වාස කළා 
මා අසල සිටින්නවුන් 
මටත් නොදැනී 
මා ඔවුන් මත රඳා පැවැතී ඇති බැව් 
කල් යත්ම මට වැටහුණා 
ඕනෑම කෙනෙකුගේ 
ස්වාධීනත්වයට 
මම ගරු කරමි 
පෙරලා මම එය බලාපොරොත්තු උනෙමි 
නමුත් අවශ්‍ය නැත 
පිටස්තරයන්ගේ ගරු බුහුමන් 
අවශ්‍ය නැත 
තීරණය කළා 
මම මගේ ගමන යන්නට 
අන් උදවිය ඇතිව හෝ නැතිව 
පසු දිනෙක නොඅසන්න 
" උඹලා හෙන ලොකු මිනිස්සු නේද "
එදාට පමා වැඩියි 
මම කාර්යබහුල වේවි 
මගේ උමතු සිහින සමඟ 
උඹට උදව් කරන්න 
මට වෙලාව නැති වේවි 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.