Ads Top

අම්මපා හිත


අම්මපා හිත 

සිත්තම් මායා | අනූ පෙරේරා 

අම්මපා හිත 
උඹ නම් වෙලාවකට හිසරදයක් 
කැමති වෙලාවට කැමති දේවල් 
කරන්නේම නෑනේ 
කැමති වෙලාවට කැමති අයත් එක්ක ඉන්න 
දෙන්නෙම නෑනේ 
හැමවෙලාවෙම ප්‍රශ්නයක් ගන්නමයි 
අර අදින්නේ 
නිදහසේ ඉන්න 
හිතෙන්නෙම නැද්ද උඹට 
දුකක් , කරදරයක් , පැනයක් 
විතරමද ඕනේ උඹට 
උඹ දැකලා නෑ 
හිතක් පපුවක් නැති මිනිස්සු 
ජීවත් වෙනවා , සතුටු වෙනවා 
හරියට නොමියෙන මිනිස්සු ගාණට 
ඒත් දෙයියනේ 
මට බෑනේ එහෙම ඉන්න 
අනුන්ගේ ප්‍රශ්නත් 
මගේ ප්‍රශ්න කරගෙනනේ 
වාවන්නේ නැති අදාලම නැති ප්‍රශ්න වලට 
උන් එක්ක මම විසඳුම් හොයනවා 
කොහෙවත් ගිණි ගෙඩි මගේ ඇඟට පාත් කරගෙන 
අම්මපා මට අදාලම නෑ 
ඒත් උන්, 
මගේ උන් කියන හැඟීමෙන් ටිකක් මිදෙන්නට අමාරුයි 
උඹව තදකරගෙනම 
මම ඇහුවා අම්මගෙන් 
" ඇයි අම්මේ, මටම වෙන්නේ ? "
එයා කිව්වේ 
" ඒ පුතේ උඹට කරුණාවන්ත හදවතක් තියෙන නිසා " කියලා 
" වෙන්න ඇති " මම අම්මට ඇහෙන්න කිව්වා 
" ඒත් මීට පස්සේ උඹ ටිකක් ආත්මාර්ථකාමී වෙයන් " 
මගේම හිත අම්මට නොඇහෙන්න මටම කීවා 

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.