Ads Top

මමයි කොලොම්පුරෙයි


මමයි කොලොම්පුරෙයි

සිත්තම් මායා | අනූ පෙරේරා

මම ගමේ එකෙක්
කුරුණෑගලින්
දැන් මේ පයගහලා ඉන්න
කොලොම්පුරේ
මට හෙනම දෙයක්
පොඩි දවස්වල ඉස්කෝලෙන්
කොලොම්පුරේට එන
විනෝද චාරිකා
වලින් දැකපු විදියට
මගේ ඔළුවේ
මේ වාණිජ නගරය
පිටරටක සිත්තමක්
අමුතු සමාජ ක්‍රමේකට
හැඩගැසී තියෙන
කොළොම්පුරය 
මට දැන් හුරුපුරුදු වෙලා
අස්සක් මුල්ලක් නෑර
වාණිජකරණයට පත්වුන පොලවේ
මම තනියම පය ගහලා ජීවත් වෙනවා
අම්මගෙන් ඈත් වෙලා ජීවත් වෙනවා
හිතේ තිබුණ හැම දුකක්ම
අම්මට නොකියන්න වාරණ වැටිලා
දුකට ප්‍රතිවිරුද්ධ ව්‍යාජ හිනාව
දැන් දැන් අම්මටත් හුරු කරවලා
ඒත්
මගේ මේ තනිකමට
එකම උත්තරය, එකම ඖෂධය
අම්මේ ඔයා විතරමයි
දවසක කියන්නම්
හැමදාම වගේ ඔයා හිතන
ඔයාගේ පොඩි එකා විදියට
මගේ ඔළුවේ තිබුණ පීඩනය
ජයග්‍රහණ - වැටීම්
එතකම් පිළිගන්න
අම්මේ
මම දැන් ලොකුයි

#අනුවා


  
Siththam Maya | Anu Perera. Powered by Blogger.