Ads Top

අතුරුදන් ලෝකය


අතුරුදන් ලෝකය 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මා ගෙවූ සුන්දර ලෝකය 
නොවෙයි මා ජීවය ගෙවන්නේ 
සීමා බැමි හරස් වී 
මා විඳි ජීවිතය 
අද අහිමි වෙමින් පවතින සේයා 
පීඩනය අතිශය දරා ගනිමින් 
තවමත් සිනාවෙන් ජීවත් වෙමි 
අකැමැත්තෙන් වුවද 
දෙවියනේ, 
මිනිසුන්ට කැමති අයුරෙන් 
ජීවත් වීමට නිදහස දෙන්න 
ඒ වාතාවරණය සලසා දෙන්න 
නැතිනම් 
එක පිට එක පරදීවි 
ලෝකයට නවෝත්පාදන බිහි නොවේවි 
දරාගැනීමේ සීමා පනින මොහොතේ 
නැතිනම් විකල්පයක් ලෙස 
දෙන්න මට අතුරුදන් ලෝකයක් 
කලකට එහි සැඟවී සිටින්නට 
කාර්යබහුල කුප්ප සමාජයෙන් 
ටික කලකට ඈත් වන්නට 

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.