Ads Top

වට්ටාරම මලිදෙව් විහාරයේ වෙසක් පිංකම


වට්ටාරම මලිදෙව් විහාරයේ වෙසක් පිංකම 

සිත්තම් මායා | අනූ පෙරේරා 

වෙසක් පුන් පොහෝ දින බහුතර තරුණ පරපුර, දන්සැලක මිහිරියාව විඳීම පිණිසම එන්නා වූ දිනයක් ලෙස සභා සම්මත කරගත් කාලවකවානුවක එක්තරා තරුණ කණ්ඩායමක් කටයුතු සංවිධානය කළ අපූරු වැඩ සැලැස්මක් දෙස අපි අවධානය යොමු කරමු.

කෑගලු පුරවරයේ ඓතිහාසික සිද්ධස්ථානයක් ලෙස සැලකෙන වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරයේ තරුණ බෞද්ධ සංගමයේ සාමාජික තරුණ තරුණියන් එක් රැස්ව මහඟු සත් ක්‍රියාවක් සංවිධානය කොට ඇත. 

වෙසක් පුන් පොහොයේ ආගමික ස්පර්ශය විඳිනට ආ සැදැහැවත් බැතිමතුන්ගේ පාවහන් ආරක්ෂා කරදෙමින් ඉටු කරනු ලැබූ යහපත් කර්තව්‍යයේ පදනම වූවේ පසුගිය කාලයේ ඇදහැලුන අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර පීඩනයෙන් අවතැන් වූ අපේම සහෝදර සහෝදරියන්ට ආධාර එකතු කිරීමේ ක්‍රියා පිළිවෙලයි. 

මෙලෙස පාවහන් රැක දීමෙන් එකතු වුනු සම්පූර්ණ ආධාර මුදල රුපියල් 196 000 ක් වූ අතර එම මුළු මුදලම විපතට පත් ජනතාව වෙත පරිත්‍යාග කිරීමට වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරික තරුණ බෞද්ධ සංගමය මැදිහත් විය. කාලෝචිත උපකාරයක් වූ එය සැබෑ ලෙසම අගනීය යුතුකමක් වෙයි. 


Siththam Maya | Anu Perera. Powered by Blogger.