Ads Top

SHE by ANU PERERA


SHE by ANU PERERA

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඔන්න මගේ මලයෝ දෙන්න කියනවා වගේ අනූ මැඩම් දෙවැනි ළමයත් youtube එකට බිහි කළා. ඒ ළමයාගේ නම " SHE ". මතකනේ පළවෙනි ළමයා, " LIFE OFFER ". කලින් වගේම වීඩියෝව තුල අඩු පාඩු ඇති. හැබැයි මේක කළේ මගේ සුපිරිම යාළුවෝ ටික. කියපු ගමන් දඩස් ගාලා ආවා මිසක් බොරු ආටෝප කිය කිය මාව මග අරින්න උත්සහ කළේ නෑ. එයාලා නිසා, එයාලගේ දක්ෂතාවය නිසා අනුවා සුපිරි දෙවැනි short film එකත් ඔන්න ඊයේ අනුවගේ youtube channel ( Anu Perera ) එකට දැම්මා. පොඩ්ඩක් ගොඩ වැදිලම බලන්නටකෝ. බලන ඔයාලටනේ කියන්න පුළුවන් වෙන්නේ අනුවා සාර්ථකද නැත්ද කියලා.

හැබැයි ගොඩක් දෙනෙක් පුද්ගලිකව කෝල් කරලා, මැසේජ් කරලා වගේම ප්‍රසිද්ධියේ කොමෙන්ටුවකින් උනත් දක්වලා තිබුණේ සුපිරි concept එකක් කියලයි. නිහතමානිව මම ආඩම්බර වෙනවා ආයෙමත් මම ගැනම ඔයාලා දීපු එලම කොමෙන්ට්ස් වලට. ඒකෙන් අනුවා පිකප් උනා තව  තව සුපිරි වැඩ ටිකක් කරන්න. වැරදි අඩු පාඩු වගේම විවේචන එල්ල උනා කියලා අනුවා අත ඇරලා දාන කෙනෙක් නෙවෙයි නිසා එහෙම තිබුනොත් ඒවගෙනුත් පාඩම් ඉගෙන ඊළඟ එක තවත් සුපිරියටම කරනවා. 

කොහොම උනත් ආයෙමත් මම මතක් කරන්න ඕනේ අනුවගේ script එක, අනුවගේ Direction සුපිරි වෙන්නේ නෑ මේ නිර්මාණයට දායක උන උදවිය සුපිරි නැත්තම්. ඒ හින්දා අනූ පෙරේරා කියන චරිතය එතැන ඉඳන් වමනේ කරපු හැම කෝණයක්ම අග්නි, අපේ කැමරා මලයාගේ ග්‍රහණයේ සුරක්ෂිතව තිබුණා. ඒ වගේම APE Production - අපේ Production තැන්කු ගොඩක් සපෝට් එකට. 

ඒ වගේද නිෂි, සචි, මංග, සච්චා, ගිමින්දයා, සහ නිශියගේ යාළුවො දෙන්නා අපිට දුන්න සප් එක. එයාලා මෙතන act කළේ නැත්තම් මේක short film එකක් වෙන්නේ කොහොමද ? කට්ටියවම එකට බදාගෙන උම්මා කෝටියක් දෙන්න හිතෙනවා. ( මං හිතන්නේ මම දුන්නා එදා ) 

අහ්හ්, තව එකක් මෙයාලගේ මම දැකපු විශේෂම ලක්ෂණය මොකද්ද දන්නවද ? වෙලාවට වැඩ කරන එක. මම ජීවිතේ ආසම දේවල් වලින් එකක්. ඒ දේ මෙයාලා මට ලබා දුන්නා ඒ සුපිරි සහයෝගය. guys thank you once again. love you loads.

අවසානෙට මේ හැමදෙනෙක්ගෙන්ම අනුවා සමාව ඉල්ලනවා එදා දවසේ මගේ අතින් මොකක්ම හරි වරදක් ඔයාලට සිද්ධ උනානම්. පොඩ්ඩක් උස් හඬින් හරි කතා කලානම් ඒකටත් සමා වෙන්ට ඕනෑ. 

සහ උඹලගේ හිතේ තියෙන අදහසුත් කියන්ටකො බලන්ට. 

- අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.