Ads Top

හිතවත් සෙනසුරු


හිතවත් සෙනසුරු 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මට උඹත් එක්ක පෞද්ගලික තරහක් නම් නෑ 
උඹට මාත් එක්ක තරහක් තියෙනවද ?
පසුගිය දොහොක 
අම්මා බලන්නට ගිහිං අනුවගේ වේලපත්කඩේ 
උඹ හිටියලු 
එරාෂ්ඨකේට 
ඉන්නවා නම් හිටපං මගේ ජීවිතේ 
උඹට ඕනෑ හැටියට නෙවෙයි 
මට ඕනෑ හැටියට 
මොකද මේක උඹේ ජීවිතේ නෙවෙයි 
කිසිම අයිතිවාසිකමක් නෑ උඹට 
මමයි අණ දෙන්නේ 
ඒ හින්දා මගේ ජීවිතේ ඉන්නම ඕනෙනම් 
හිටපං 
මම කියන විදියට 
තේරුණාද 
සෙනසුරු උඹට ?

- අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.