Ads Top

හිත දෙතැනක


හිත දෙතැනක 

සිත්තම් මායා | අනූ පෙරේරා 

අවැසි නෑ මට 
මගේ ජීවිතය කාර්යබහුල 
කරගැනීමට 
ගත සොයන්නේම 
කලාවයි 
නමුත් 
මුදල හරස් වී මැද 
කින්ඩි දමනවා ඉදිරි ගමනට 
විනෝදයම රැකියාවක් වෙනවා නම් 
ඒ වාසනාවතයන්ටම පමණි 
මා වාසනාවත් අවාසනාවත් මැද 
පීඩා විඳිමි 
කලාවේ රස 
දැනෙන්නේ 
එවැන්නෙකුටම මිස 
අන් කවරෙකුටද ?

- අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.