Ads Top


2007 Battle 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මේ කතාව කතානායකයෝ 
සා / පෙළ F පංතියේ 
අනුවගේ ගැන්සිය
මතක හැටියට මේ 
2008 වසර වෙන්න ඕනේ 
කොහොමින් හරි 
ක්‍රිකට් ලෝක කුසලානේ 
පවත්වපු වසරේදී  
අපිට තිබුණා ක්‍රිකට් පිස්සුවක් 
උමතුවෙන් වගේ අපි 
ලංකාවේ ක්‍රිකට් ටීම් එකට ආදරේ කළා 
අද මැච් බලන්න සෙට් නොවුනත් 
සහතිකයි 
අපි හැමෝම එදා වගේම 
අදටත් ඔවුන්ට ආදරෙයි කියලා 
අපි දෙවියන් යැද්දා 
පළමු පෙළ පිතිකරුවන් රැකගන්නා ලෙස 
උපුල් තරංග - සනත් ජයසූරිය 
සුසංයෝගය 
බිඳ හෙලුනොත් 
මහේල ජයවර්ධන - කුමාර් සංගක්කාර 
අතිශය බැඳීම 
අපව බලාපොරොත්තු වලින් පිරවූවා 
කලෙකින් අසන්නට ලැබුණා 
ලෝක කුසලානේ අතුරු ප්‍රතිඵල ලෙසින් 
භාතිය - සන්තුෂ් අති දක්ෂයින් 
හදවත් වල පැල පදියම් කළ ගීතය 

" අප ජාතියේ නාමයෙන් 
 දිදුලන ක්‍රීඩා තරුවන් සේ 
 ආ මග දුරයි , ඈ මග රළුයි 
 ගම් පියසෙන් තණ නිල්ල කරා
 අප සොයුරන් සේ එක්වෙලා 
 සිත් එළි කරයි , අප ශක්තියයි  "

මා මතකයේ රජ වූවේ මහත්වරුන්ගේ ක්‍රීඩාව නොවෙයි 
ක්‍රිකට් හි ලොල් බව නොවෙයි 
මගේ සහෘදයන්වයි 
මගේ සාමාන්‍ය පෙළ පංති තුල සිටි 
යාළුවෝ රොත්තයි 
ඇඩම් ගිල්ක්‍රිස්ට් ලංකාවට තරහ පිටකරනවිට 
කඳුළු වගුරමින් ඔවුන්ට සෙත් කවි කී දහසකුත් ජනයාගේ 
සිත් අතරින් මට අපි අපි විශේෂයි 
මොකද ? .........................

* ලිපිය දිග් ගැසෙන්නට උවමනා නැත. උඹගේ මගේ හදවත් මේ සිදුවීම් සාක්ෂි දරාවි. ඒ අතීතය, ඒ සුන්දර අතීතය 

- අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.