Ads Top

මංගයා


මංගයා

සිත්තම් මායා | අනූ පෙරේරා

මංගයා මේක ලියන්න හිතුවේ
තාවකාලිකව  ආපු මොරාල් එකකට නම් නෙවෙයි
හැමදාම මගේ හිතේ විශේෂ ඉඩක් උඹම හදාගත්තු නිසා
අනුවගේ ජීවිතේ ආගන්තුකයෙක් නොවී
පණට පණ වගේ ඉන්නවා කියලා දන්න නිසා
ඉරිසියා කරනවානම් කරන්න
මේක අක්කෙකුගෙයි මල්ලියෙකුගෙයි බැඳීමක්
උඹලට නෑ මට වගේ මල්ලිලා
උඹලට නෑ මං වගේ අක්කලා
කට තිබුනට වැඩ නැති ගොඩක් උන් අතරේ
මගේ එකා මට හෙනම වටිනවා
මොකද උගේ කටත් තියෙනවා වැඩත් තියෙනවා
හැබැයි මගෙන් අනන්ත බැනුම් අහනවා
ජීවිත පාඩම් වලදී
අනන්ත ගුටි කනවා
ඉංග්‍රීසි පාඩම් අතරේදී
තර්ක කරන්නේ නෑ මට
බය හින්දද ?
නෑ උට වඩා මේ සමාජේ අත්දැකීම්
මට තියෙනවා කියලා දන්නවා
මමත් ඉගෙන ගන්නවා මගේ එකා දිහා බලලා
උට හොඳ ඉවසීමක් තියෙනවා
හැමවෙලාවෙම විමසිල්ලෙන් ඉන්නවා
වගේම ප්‍රශ්නයක් ආවම
සිංහයෙක් වගේ ප්‍රශ්නේ ඉස්සරහට පැනලා
ඒක සුන්නදදුලි කරලා දානවා
හෙවණැල්ලවත් මට වැටෙන්න දෙන්නේ නෑ
අනූ අක්කට වචන නෑ කොල්ලෝ
උඹට පිං ....


- අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.