Ads Top

අනුවගේ සති අන්තේ IV


අනුවගේ සති අන්තේ IV 

සිත්තම් මායා | අනූ පෙරේරා 

තවත් ඉදිරියට කතාවට වහ වැටුන ඈයෝ ආදරණීය තර්ජන එල්ල කළ බැවින් අනුවා කතන්දරේ කොන්ටිනිව් කරගෙන යනවා ඔන්න. දැක්කා නේද මූණට ආපු හිනාව කස්ටියගේ ;) කෝම හරි කලින් සිද්දිය නැවතුනේ රැජිණ ට විනාඩි 10 ක් විතරක් තියෙන්නනේ.

“ කොන්දොස්තර අංකල්ගෙන් අහපන් පුතේ මේක කොටුවට යන්න කොච්චර වේලාවක් ගනීද කියලා ”

“ අංකල් මේක කොටුවට යන්න කොච්චර වෙලාවක් යනවද ? ”

“ තව විනාඩි 45 ක් විතර ” 

“ මේ මොන ජෝක්ස් එකක් ද බොලේ ” අනුවට ඉබේටම කියවුනේ මිනිහා ඇඟට පතට නොදැනී කිව්ව හින්දා. හරිනේ ඉතිං. අනුවට හදිස්සි උනාට ඒ මනුස්සයට හදිස්සියක් නැනේ. 

රාජගිරියේ ඉඳලත් විනාඩි 45 ක් ගන්නවානම් හත්වලාවේ අනුවා රැජිණ දෙයියා අල්ලගන්නේ කොහොමද ? ඒ අස්සේ යාළුවා මාරයෙක් වගේ කෑගහනවා. අම්මපා කවුරුහරි මුගේ කට බැඳලා තියනවානම් කියලා යාළුවා කතා කර කර මොර දෙනකොට අනුවට හිතිලා තියෙනවා. 

“ අඩොව් මල්ලී මේක හරියන්නේ නෑ. මේ හුචප්පුවෙන් බැහැලා අපි ටුක් ටුක් එහෙක යමු ”

අනුවගේ වචනේ අනුමත කරගෙන දෙන්නා රාජගිරියෙන් බැහැලා මීටර් ටැක්සියකට නැග්ගා. 

“ පුතා අර වීල් එකේ යන්න ” 

නැගපු වීල් එකෙන් අපිව බැස්සවුවා කියන්නකෝ. එතැන සින්ඩිය ලාවට වගේ තේරුනත් වෙලාවේ හැටියට ඔය ඕප හොය හොයා ඉඳලා බෑනේ. ඒ හින්දා නවත්තලා තිබ්බ වීල් එකකට නැගලා ඒ අංකල් ට අපි වැඳලා වගේ කිව්වා, 

“ අයියේ අපිව පුළුවන් තරම් ඉක්මනින් කොටුවේ පිටිපස්සේ ගේට් එකට අරං යන්ට ” කියලා. 

කොල්ලත් දඩ බඩ ගාලා ටුක් එක ඉස්ටාට් කරගෙන ගියාට මොකද කලර් ලයිට් වලට අහු උන නිසා තවත් ටිකක් පරක්කු උනා. පොඩ්ඩක් හුරු පුරුදු පාරකට වැටුනා. පුංචි බොරැල්ල හරියේදී, අහ්හ් මේ මරදාන ඉස්ටෙෂන් පාරනේ.අනුවා ගත්තා පටස් ගාලා අම්මට කෝල් එකක්. අනුවගේ තාත්තා රේල්වේ ඩිපාර්ට්මන්ට් නෙහ් වැඩ කරන්නේ. හැබැයි තාත්තට වඩා කොච්චි වෙලාවල් ගැන, කොච්චි ගැන, ඒවා නවත්තන තැන් ගැන දන්නේ අනුවගේ අම්මා. ඒ හින්දා වටේ යන්නේ නැතුව පටස් ගාලා ගත්තා කෝල් එකක් අම්මට. 

“ හෙලෝ අම්මේ රැජිණ මරදානේ නවත්තනවද ? ”

“ නෑ පුතේ ”

“ කොටුවෙන් කීයටද අද්දන්නේ ? ”

“ 1 යි 45 ට , ඇයි මගේ පුතාට රැජිණ අල්ලගන්න බැරි වෙයිද ? ”

අම්මත් නිකං අවස්ථාව බලාගෙන ඉන්නවා වගේ කතා කරන්න ගත්තනේ. හම්මේ ඉතිං තේරෙනවනේ අම්මා කෙනෙක්ගේ කනෙන් රිංගන එකේ අමාරුව. 

“ නෑ නෑ... අවුලක් නෑ. මේ ......(යාළුවගේ නම ඈ ) ත් එනවා කිව්වනේ. ඒ යකා කොටුවට ඇවිල්ලා, ට්‍රේන් එකත් ඇවිල්ලා. මට තව විනාඩි 5 න් යන්ට පුළුවන් ” 

“ හා හා... ප්‍රවේසමෙන් එන්ට , බුදු සරණයි ”

“ එල එල අම්මේ , බුදු සරණයි ”

අනුවාට රැජිණ මරදානෙන් අල්ලගන්න තිබුණා නම් ඇන්ජිමට මල් මාලයක් දාලම ගොඩ වෙන්න තිබුණා. ඒත් දැන් කොටුවට යන්ට එපැයි. අතේ බැඳලා තිබ්බා වොච් එක දිහා බැලුවම වොච් එකත් අනුවටම බනිනවා වගේ තමයි ඒ වෙලාවේ තිබුණේ. හැබැයි ඒකෙ වේලාව විදියට 1 යි 40 සඳහන් වෙලා තිබුණා. විනාඩි 5 යි අනුවට තියෙන්නේ. 

“ අනේ දෙයියනේ ” 

ඔන්න අනුවට තිස් තුන් කෝටියක දේවි දේවතාවුන් වහන්සේලා සිහි වෙන්ට පටන් ගත්තා. 

- අනුවගේ ජරමර ඉදිරියට  

Siththam Maya | Anu Perera. Powered by Blogger.