Ads Top


2016 ට 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ජනවාරියේ මුල ලියූ ලිපියකි 

අපි යුතුකමක් විදියට 
මේ ලැබුවා වූ අළුත් අවුරුද්දට 
හැමෝටම සුබ පැතුවට 
මහ මෙරක දුක හිතේ පුරවාගෙන ඉන්න වග 
දන්නේ අපේ හිතම විතරයි 
කඳුළු කළකිරිම් මැද්දේ 
අපි සිනාවේ වෙස් මුහුණ පැළඳ 
එකිනෙකාට 
සුබ ප්‍රාර්ථනා එකතු කරනවා 
අන්න ඒ නිසා 
අනූ මේ පාර කට්ටියටම යැව්වේ 
' ඔයා උත්සහවන්ත උනොත් 
ධෛර්යවන්ත උනොත් 
මේ අවුරුද්ද කිරියෙන් පැණියෙන් 
උතුරාවී '
කියලයි 
කනට ගහන්න වගේ 
එහෙම කියන්න හොඳ නැතුව ඇති 
අවුරුද්දක මුල් දවසේ 
ඒත්... 
මගේ ගාව බොරු ආටෝප නෑ 
කියන්න තියෙන දේ කෙලින්ම කියලා දානවා 
ඒ මගේ හැටි 
ඒවා දිරවන මිනිස්සු නොදිරවන මිනිස්සු 
පංගු භේද මම බැලුවේ නෑ 
මගේ අයිතිය මම නිදහසේ භාවිතා කළා

- අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.