Ads Top

අනුවයි තැඹිලි මල්ලියි


අනුවයි තැඹිලි මල්ලියි 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මම මගේ ජීවිතේ තීරණයක් ගත්තා 
මට මේ ලෝකේ හදන්න බෑ
අත කඩාගෙන ගිරිය ලේ රහ වෙනකම් කෑගැහුවත් 
හැදෙන්නැති එකා හැදෙන්නේ නෑ 
ඉතිං මම පරාජය භාර ගත්තා 
උන්ව හදන්නේ නෑ කියලා 
හැබැයි මම තවත් තීරණයක් ගත්තා 
මගෙන් උදව් ඕනේ එකෙකුට 
හැදෙන එකෙකුට 
ලොවෙත් ගොඩ යන්න උදව් කරනවා කියලා 
ලිමිට් එකක් ඇතුව 
මොකද මම බොක්ක බදාගෙන උදව් කරන්න ගොසින් 
කෙලවා ගත් තැන් අනන්ත නිසාවෙන් 
අපි ඉස්සරහට යනකොට 
අපිව පහු කරගෙන යන 
සුන්දර සිනහවක් ළඟ 
මම නැවතුනා 
මගේ සගයෝ ටිකත් එක්ක 
අතුරුගිරිය හයිවේ හුවමාරුව
පහළ තියෙන 
පුංචි පටු පාරේ 
පුංචි තැඹිලි කඩෙන් 
තැඹිලි ගෙඩියක මිහිරියාව විඳින්නට 
සිත කියපු හින්දම 
අපි නැවතුනා එතැන 
" මල්ලියා තැඹිලි ගෙඩියක් බොන්න පුළුවන් වෙයිද ? "
" අපෝයි පුළුවන් අක්කා "
කොලොම්පුරේ ගමේ ස්ටයිල් එකට වචන ටිකක් ඇහුනා 
ඔව්... 
ඒ පුංචි කොල්ලා මගේ හිත හොරකම් කළා 
අපි සෙල්ෆි ටිකක් එහෙම ගහනවා පොර බලන් හිටියා 
" අක්කේ ඔතන කඩි ඉන්නවා "
" අම්මටසිරි , තැන්කු මලයා , මෙහ් මල්ලියා එන්නකෝ ෆොටෝ එකක් ගන්න "
ඌත් ඔළුව වනාගෙන ආවා 
මේ තියෙන්නේ මාත් එක්ක ගහපු පින්තුරේ 
අපේ ඔළු වගේ මෙයාගේ ඔළුව 
කම්මලක් වෙලා නෑ 
දුප්පත් කමට උනත් ෆුල් ෆන් එකේ ඉන්නවා 
එහෙනං සතුට තියෙන්නේ 
සල්ලි වලම නෙවෙයි 
සල්ලි එක උප කුලකයක් විතරයි සතුටේ 
කොහොමින් හරි 
අතුරුගිරිය හයිවේ එක පහළින් යන 
රුපියක් 30ක් වියදම් කරන්න පුළුවන් ඔයාලට 
පුළුවන්නම් මෙතැනින් තැඹිලි ගෙඩියක් බීලා යන්ඩ 
ඔයාලගේ ඇඟටත් හොඳයි 
එයාලගේ සාක්කුවටත් හොඳයි 
උන් මිනී මරලා හම්බ කරන්නේ නෑනේ බං 
ඒකයි කිව්වේ 
මුත්‍රාශය පිරිලා තියෙන මොහොතක උනත් 
ඒ හිනාව බලලා තැඹිලි ගෙඩියක් 
බොන්න පුළුවන්නම් ...
ඒකෙත් පොඩි ආර්ට් එකක් තියෙනවා 
සහෝදරයා ...

- අනුවා 




Siththam Maya | Anu Perera. Powered by Blogger.