Ads Top

Welcome 2016 - ආයුබෝවන් 2016


Welcome 2016 - ආයුබෝවන් 2016 

සිත්තම් මායා | අනූ පෙරේරා  

සැමවිටම අසුබවාදී 
වෙන්ඩ 
මම ආස නෑ 
ඔයාලා දන්නේ නෑ 
තවම 
මේ අනූ කියන්නේ කවුද කියලා 
ඒ වගේම මම දන්නේ නෑ
ඉස්සරහට මේ අනූ 
කවුරු වෙයිද කියලත් 
මේ...
අවුරුද්දේ අග භාගය 
හෙමීට හෙමීට 
ගෙවී ගෙවී ඉවර වෙනවා 
කොතනින් කොහොම 
නතරවෙයිද කියලා 
අපි කවුරුත්ම දන්නේ නෑ 
හැබැයි මම මුලින් හිටපු 
ඔල මොට්ටල අනූ 
නෙවෙයි කියලා 
මට තේරෙනවා 
මම වෙනස් වෙලා 
කොහොමද 
කියලා කියන්න මම දන්නේ නෑ 
ඒත් මම වෙනස් වෙලා 
ඉස්සරහටත්.... 
වෙනස් වෙන එක නතර කරන්නේ නෑ 
නිතැතින්ම 
මම සමාජයට දෙන හරි දේ 
නැවත මට ලැබෙන්නේ 
නැත්නම් 
මම තව තවත් වෙනස් වේවි 
ඔව්...
අපි බලමු 
මොකද වෙන්නේ කියලා 
කොහොම හරි 
අපි 2016 ට මුහුණ දෙමු 

- අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.