Ads Top

අළුත් කාලේ සිංදු


අළුත් කාලේ සිංදු 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මෙහෙම ගියොත් 
අපිට වෙන්නේ
හැමදාමත් 
කිච වෙන්නට 
ඇයි කියලා 
අහන්නේ ඇයි 
සිංදුද මේ 
දැන් හැදෙන්නේ 
පරණ පරම්පරා හතක් 
එහා ඉඳන් හූ කියන්නේ 
හදපල්ලකෝ 
හොඳ ගීයක් 
උන්ගේ හූව 
කැපිලා යන්න 
ඇත්ත තමයි වෙලාවකට 
පරණ උනත් උන් කියන්නේ 
කෝපි කාලේ 
වගේ නෙවෙයි 
තාක්ෂනේ 
තියෙනවානේ 
හදමු හදමු 
හොඳ ගීයක් 
වේදනාව 
නැති ගීයක් 

- අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.