Ads Top

Dearest Money - දයාබර කාසි නෝට්ටු


Dearest Money - දයාබර කාසි නෝට්ටු

සිත්තම් මායා | අනූ පෙරේරා  

මේ හැමදේම උනේ ඔයා නිසා 
ඔයා මං දිහා බැලුවේ නැති නිසා
මං වගේ උන් පව් 
කියලා හිතෙන්නෙම නැත්ද ?
මම ආස නෑ 
කාටවත් යටත් වෙලා වැඩ කරන්න 
මට බෑ 
මොකද මට ඕනේ 
මගේ ස්වාධීනත්වය 
ඒක තියෙන්නේ 
මේ කලාවේ 
කෙනෙකුට තවකෙනෙකුගේ 
අදෝනාව අහන්න වෙන්නේ ඇයි ?
කෙනෙකුට තවත් කෙනෙකුට 
උදව් කරන්න බැරි ඇයි ?
ඔයා නිසා
ඇයි අපි වගේ අයට 
මෙහෙම කරන්නේ ?
පන්න පන්න පළි ගන්නේ 
කර්මයේ විශ්වාසය 
හෙමි හෙමින් 
ගිලිහෙනවා 
පේනවද ඔයාට 
නොදැක්ක අකුසල 
ඇයි මට
මා ඉපයූ කුසල් මදිකොට 
ආස හැමදේම ලැබෙන්නේ නෑ 
කියලා හිත හදාගන්න පුළුවන්
ඒත්....
දෙයියනේ මගේ හැම හීනයක්ම 
ඔයා උදුරාගන්නකම් 
මට ඉන්නවෙලා බලා 
එළඹෙන අවුරුද්දේ ඉඳන් 
ඔයා මාත් එක්ක ඉන්න 
මගේ ළඟටම වෙලා ඉන්න 
එතකොට හැමදේම මාත් එක්ක තියෙයි 
සමහරු කියයි 
ඔයා නෙවෙයි ජීවිතේ කියලා 
එතකොට මම එයාලට මතක් කරලා දෙන්නම් 
මගේ අතීතය 
මගේ හීන, හීනම උන හැටි 
දයාබර කාසි නෝට්ටු 
මා ළඟම රැඳෙන්න 
මගේ හීනය හැබෑ කරගන්නට 

- අනූ 



Siththam Maya | Anu Perera. Powered by Blogger.