Ads Top

කුරූ ගණින මම


කුරූ ගණින මම 

 සිත්තම් මායා | තිළිණ නදීශාන්

තටු පොඩි කරලා කූඩුවකට මා දමලා
දර දඬු දඬුවමින් ගත මිටි කර තියලා
නොකරපු වරදකට මා දඬුවම් විඳලා
මරණෙත් සැපයි දුක ඉවසනු බෑ දරලා

බෝගම්බර මහ සයුරේ නතර වෙලා
තව දින තුනෙන් අවුරුද්දක් යයි ගෙවිලා
යන යන දවස අමිහිරි මතකයක් වෙලා
තනිඋනේ මමයි පෙම් මල අද විවහා වෙලා

පවුරු වළල්ලක් මා හට එරෙහි වෙලා
තනිකඩ කමට අත දෙමි මා නතර වෙලා
මව් තුම විඳින සෝ සුසුමන් මතක් වෙලා
මම එමී පවුරු වළලුත් කුඩුකර දමලා

විසිට් එකට පැයයි ඇත්තේ හැමදාමත්
අම්මා මාව හමුවුනෙ නෑ කවදාවත්
වාට්ටු අතරේ මගේ රුව හැමදා සෙව්වත්
සයුරක මාළුවෙකු සෙවුමට හැකිද තවත්


- තිලා

Siththam Maya | Anu Perera. Powered by Blogger.