Ads Top


Life Hell

සිත්තම් මායා | අනූ පෙරේරා 

ජීවිතය හරිම පුදුමයි. හරිහමන් නිර්වචනයක් දෙන්නම බෑ. එක නිර්වචනයකින් ජිවිතයම විස්තර කරන්නත්  බෑ. මොකද ජිවිත ගතානුගතිකයි. අතේ ඇඟිලි පහ වගේ. කෙනෙකුගෙන් කෙනෙකුට විතරක් නෙවෙයි අපිට තියෙන එකම ජීවිතයත් වෙනස්වන සුළුයි. සතුට දුක අතරේ පදමට ඇඹරෙන මොහොතෙන් මොහොතට අත්දැකීම් රැසක් එකතු කරන අරුම පුදුම එකකි ජීවිතය. 
ඉපදුන දවසේ ඉඳන් තත්පර, මිනිත්තු කොටි ප්‍රකෝටි ගණනින් ගෙවලා ඉවර කලත් නිවැරදිම අර්ථකතනයක් දෙන්නට අදටත් අපහසුයි.  හැබැයි එකක් දෙයක් නම් හරියටම කිව හැකියි. ඒ ජීවිතය අවබෝධයෙන් ගෙවිය යුතු බව. මිනිස් බවයක දුර්ලභ බව බව තේරුම්ගෙන කටයුතු කල යුතු බවයි. 
එසේ නම් ජීවිතය කෙනෙකුට සතුටක්ම නොවේ කෙනෙකුට දුකක්ම නොවේ, ලාභයක්ම නොවේ, අලාභයක්ම නොවේ, නින්දාවක්ම නොවේ, ප්‍රශන්සාවක්ම නොවේ, යසයක්ම නොවේ, අයසයක්ම නොවේ. මේ කරුණු ද්විත්වය අතර වන දෝලනයකි. පෘතග්ජන අපට එය තේරුම් ගැනීම තරමක් අපහසුයි. හේතුව නම් අප සතුව ඇති අනවබෝධයයි. නැතිනම් අවබෝධ කරගැනීමට ඇති අකමැත්තයි. එසේත් නැතිනම් අවබෝධ කරගැන්මට උදව් දෙන්නන් නොමැතිකමයි. 

කවුරු කොහොම කිව්වත් තමන්ට ලැබුණ ජීවිතය තීරණය කරන්න ඕනේ තමුන්මයි. තමන්ට ලැබුණ ජිවිතය අනවශ්‍ය විදියට දෙමව්පියන්ටවත් පරිහරණය කරන්න බැරි බව පෞද්ගලිකව මගේ අදහසයි. හැබැයි හොඳ සහ නරක වෙන් වෙන් වශයෙන් අවබෝධ කරගන්නට තමන්ගේ මොට්ට මොළේට පුළුවන් වෙන්න ඕනේ ඉතිං. 

- අනූ   

  
Siththam Maya | Anu Perera. Powered by Blogger.