Ads Top

Rajkumar ද ? Haider ද ?


Rajkumar ද ?  Haider ද ? 

Siththam Maya | Anu Perera

මම හිතුවේ ෂාහිඩ් කපූර් කියන්නේ බබෙක් වගේ නළුවෙක් කියලා.  ' සීනිබෝල පෙම්වතා ' කියන චරිතය ඇඟට නොදැනී රඟපාලා කෝටි ගණන් හම්බ කරන්න මලක් කියලා. හැබැයි ඉතිං මොනවා උනත් පෞද්ගලිකව මම කැමති නළු කොල්ලෙක්. දන්නවනේ ඉතිං පොත්ත සුදු උන ගමන් ඕනෑ ගෑල් ළමයෙක්ගේ හිත සුටුස් ගාල යනවා කියලා. හැබැයි ඔන්න අපිට නම් අපේ ලංකාවේ කළු කොල්ලෝ හොඳා. වැල් වටාරම් අවස්ස නෑ අපි ෂාහිඩ් කොලුවා ගැන කතා කරමුකෝ. 

2013 අවුරුද්දේ ආපු ෂාහිඩ්ගෙ R. Rajkumaරුයි, Phata Poster Nikhla Heරොයිත් වෙනසක් නැතුවම ලස්සන පෙම්වතෙක්ගේ චරිතෙට ආරුඪ වෙලා බොහොම අගේට රංගනේ කොරලා දැම්මා. මාත් ඉතිං ඈහ්.. කියාගෙන ඇසුයි කටයි ඇරගෙන ඔය පික්චර් දෙකම බැලුවා. ඔය අතරේ ' සාරෙ කේ ෆෝල් සාහ් ' කියන සිංදුවට ලංකා තාල තියන්න ගිහිං නටලා උන ඇබැද්දි ටිකකුත් කට අගටම එනවා ඔන්න දැන්. බොහොම අමාරුවෙන් බ්‍රේක් කොරගෙන ඉන්නේ මේ. හම්මේ ඉතිං, දන්නෝ දනිති කිව්වලු. අපි කතා උනේ රාජ්කුමාර් වෙනුවට රාජ කුමාර උනානං කොච්චර අගේද කියලා ඒ දවස්වල. අර පරා පැටියාගේ ප්‍රසිද්ධ ටෝක් එකත් දාන්න තිබුණා. නිකං මතක් කොරලා බලහල්ලකෝ ෂාහිඩ් අයියා, " මං රාජ කුමාරයෙක් නෙවෙයි හින්දුස්තානේ කොල්ලෙක් " කිව්වම කොහොමට හිටීවිද කියලා ( වැඩි විස්තර අවස්ස නම් අයිශුවගෙන් අහගනිල්ලා ). පෞද්ගලිකව මම ඔය චිත්තර පටියේ ආසම සිංදුව, අර තියෙන්නේ ' දිල් යේ දෝකා දඩි ' කියලා, අන්න ඒක. පටා පෝස්ටරේ නම් සිංදු සැට් එකම පංකාදුයි. ඒකෙත් ඔය සාරෙකේ ෆෝල සාහ් වගේ එකක් තිබුණා තු මේරි අගල් බගල් කියලා. තේරුම් නම් මොනවද කියලා මම දන්නේ නෑ ඕන්. පෙම්වතා උනත් ඉතිං ලස්සනට කොලුවා රඟපෑවා ඉතිං.

හැබැයි ඔන්න ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2014 දී නම් නියම පහරක් ආවා ෂාහිඩ් ගේ. මොකද්ද දන්නවද ? " Haider - හයිදර් " පික්චර් එකේ නම් තිබ්බේ " හේදර් " කියලා. ඒ උනාට දැක්ක ගමන් මම කියව ගත්තේ හයිදර් කියලා. ඒ නිසා එහෙම්ම කියන්නම්කෝ. කතාව කියවෙන්නේ ඉන්දු පාකි සාම්ප්‍රදායික ගැටුම ගැන. ඒ උනාට මට නම් හිතෙන්නේ හයිදර් පික්චර් එකේ අධ්‍යක්ෂකතුමා වෙච්ච විශාල් භාද්වාජ් මහත්තයා ෂාහිඩ් ගේ සම්පූර්ණ සාරය අරං වගේ. විශාල් මහත්තයාට පින්සිද්ධ වෙන්න ෂාහිඩ් අයියට මෙවර අයිෆා සම්මාන උළලේදී හොඳම නළුවට හිමි සම්මානේ හම්බුනා. අනිවාර්යයෙන්ම ඒක ලැබිය යුත්තක්ම වෙනවා. බයිස්කෝප් එකේ තියෙනවා. ඩවුන්ලෝඩ් කරගෙන බලන්නලකෝ. රංගනය ගැන නම් මම මුකුත් දන්නෑ ඒත් බලන්නකෝ හයිදර්ගේ ෆේෂල් එක්ස්ප්රෙෂන්ස්. ඕකේ තියෙනවා ' බිස්මිල් ' කියලා සිංදුවක්. හිනාවක් දාගෙන නටනවට වඩා චරිතේ ආත්මෙම කරගෙන නටනවා මම දැක්කමයි. ඔයාලත් බලන්නකෝ. බලලම තීරණේ කරන්නකෝ. 

- අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.