Ads Top

Honour Tribute - අති උත්තරීතර


Honour Tribute - අති උත්තරීතර 

Siththam Maya | Anu Perera 

මවක් සැමවිටම උත්තරීතර මවක් 
එහි කිසිඳු තර්කයක් නොවෙයි 
ඇයිද ?
නුඹව මෙලොවට අංග සම්පූර්ණව බිහිකලාට 
අලයට කොළයට නොවැදුවාට 
කැපකිරීම් එමට කර නුඹව පෝෂණය කළාට 
ඇසක් මෙන් නුඹව පරිස්සම් කළාට 
කිසිවෙකුගෙන් වචන නොඇස්සුවාට 
නුඹ සදා ණයගැතියි ඇයට 
නොවේ අපි 
නුඹ වෙනුවෙන් ලෝකයාට ආත්මාර්ථකාමී වූ බැවින් 
නමුත් අප සදා ණයගැතියි 
වෙනත් අති උත්තරීතර මව්වරුන් දෙදෙනෙකුට 
ලෝකයා වෙනුවෙන් පරාර්ථකාමී වූ මව්වරුන් දෙදෙනෙකුට 
කවුද ? ඔවුන්ගේ විශේෂ බව කුමක්ද ?
අන් සියලු මව්වරුන්ගෙන් ඔවුන් දෙදෙනා වෙනස් වන්නේ කෙසේද ?
උත්තරීතර බවින් අති උත්තරීතර වූ නිසාද ?
ඇයටත් නුඹ මෙන් කරදඬු උස් මහත් වූ පුතෙකු ඇත 
දඩාවතේ යන පුතෙකු නොවේ 
සමාගමක අයිතිකාර පුතෙකු නොවේ 
රට වෙනුවෙන් ජීවිතය කැප කළ 
ඔබ මම පය ගසන සාමකාමී දේශයේ අයිතිකාර පුතෙක් 
මෙන්ම,
හිස මුඩු කොට ශාසනයට භාර වුනු 
ඔබට මට යහපත් ජීවිතයකට මංපෙත් සලසන ආගමික පුතෙක් 
හැඟෙනවාද ඒ පුතුන් අයිති මව්වරුන්ගේ දෝමනස්සය 
අති උත්තරීතර මව්වරුන්ගේ 
දෑසින් වැටෙනා කඳුලක එඩිතර බව 
සෙනෙහස උතුරන හිතක තද බව 
හැම මවකටම කළ නොහැකිය 
පුතුගෙන් වෙන්වීමේ ශෝකය ලය පලනවිට 
කඳුල ගිලගත් ඇය 
තම එකම පුතුගේ කසාවතට නමදින ඇය 
තම එකම පුතුගේ නිළ ඇඳුමේ පදක්කම පළඳන ඇය  
අවිවාදීව අති උත්තරීතරයි 

- අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.