Ads Top


Blind Love 
අඳ සෙනෙහස 

සිත්තම් මායා | තිළිණ නදිශාන්

බවයෙන් බවේ පෙරුමන් ගොඩක් සමඟින් අපි හමුවූවා
ඔය දෙනයන දුටු දින මා ඔකද වුවා
ඔය රන් කැටි මුහුණ අදටත් මා රූ මැව්වා
යුතුකම් ගොඩක් සමඟින් සිත බරිත වුවා


දින දින ගෙවී කල් යනවිට සිතුනේ
ටික ටික ඔබත් ලොකුවන බව පෙනුනේ
කොලුගැට පැටව් ඔබ පසුපස එන්නේ
රුව දැක පමණි සිත දැක නොව පුතුනේ


මව්තුම ලොවින් හැර ගිය දා ඉඳලා 
දෙවඟන ලෙසින් ඔබ හැදුවේ දිරි දරලා
ඔය කුස පිරෙන විට මගේ සිත සතුටින් පිරිලා
සිඟමන් ඇවිද යන්නේ මා අන්ධ නිසා


ඉගෙනුම දැනුම ඔබේ ලොව අද දියුණු කලා
දෑඟිලි බැන්ද දින ඔබ මගේ ලය මතට වෙලා
යන්නද තාත්තේ ඔබ මේ ලොව තනි කරලා
අසනා විටදි සිත ගොළු ගැසි කඳුලැලි වැස්සක් සැලුවා


ඔබ ලොව දකින් ඔය නෙත මගේ යැයි කියලා
මව් හැර අන් කෙනෙක් දන්නේ නෑ මගේ දූ සරලා
අඳුරට වැසුණු මගේ ලොව වෙත ඉර පායයි කියලා
තවමත් පැතුම් පොදි බදී මරණයටත් අත වනලා

- තිලා  

Siththam Maya | Anu Perera. Powered by Blogger.