Ads Top

ඔහු , නුඹ , මම



සිත්තම් මායා | අනූ පෙරේරා

ආදර හැඟුමක අපි හෙමිහිට පා වෙනවා
දැඟිලි බැඳ ගනිමින් වෙරළේ තනි වෙනවා
නුඹටත් හොරෙන් මගේ සිත ඔහු වෙත යනවා
කුමක් කරන්නද මගේ සිත ලතැවෙනවා

දිනෙක උදාවී මා ඔහු සමඟින් යන්දෝ
නුඹව තනි කරන්නට මට හැකි වේදෝ
කොහොම උහුල ගන්නද සිත වාවම්දෝ
නමුත් යන්න වේවිද මා පසු යම්දෝ

නුඹේ උර දෙනවාද මට නිති අඬන්නට
නැහැ මට විශ්වාස ඔහු නුඹ මෙන් කිසිවිට 
නුඹ දුන් සෙනෙහේ ඔහු මට සැම නොදෙනකොට
එන්නද දුවලා යලි මම නුඹේ සුව ලයට

දනිමි හඳුනමි නුඹ කවුරුන්දැයි නිතැතින්
භාරගනී යළි මා උණුසුම් සුරතින්
කොහොමද සමා දෙන්නේ ඔය සුසුම් ලයෙන්
නුඹම මිසක් තේරුම්ගයි වෙන කවුරුන්

නුඹේ උර තරම් සුවක් නොදෙයි වෙන කිසිවෙත් 
නුඹේ ළඟ වගේ සුරැකි නොවෙයි වෙන කොහෙවත්
නුඹේ හද ගැස්මේ ඇසෙනා මායිමේ සිටියත්
නුඹ ළඟ වගේ නෑ තුන්ලොව කොහෙවත්

ඔහුයි මමයි බැඳීයා වූ ලියවිල්ලක්
නුඹයි මමයි බැඳියා වූ ලියවිල්ලක්
ඔහුට මාට නොම වුනු ලෙය වගකීමක්
නුඹට මාට ඇත ලෙය සවි වගකීමක්

ඒකද ඔහුට වැඩියෙන් නුඹ මට එක වන්නේ
ලේ බැඳියාව සැමවිට පෙරමුණ ගන්නේ
ලියවිලි නොවෙයි නුඹේ  උණුසුම වටින්නේ
දියණිය ලබන ඉහළම තුට පියාණනේ

- අනූ



                       Father, you are my #FirstLover always. I don't care how much old you are, I'm always your pretty Little #GirldFriend.... You want to know something that i #Love you this this this this this this........ much, No actually I can't say how much because it's unmeasurable. But onething I exactly can say, is what, that You are already taken the #FirstPlace in #MyHeart, And then the others

Your's beloved,
Anu Perera.




Siththam Maya | Anu Perera. Powered by Blogger.