Ads Top

" දිනෙක දුම්රිය "


සිත්තම් මායා | අනූ පෙරේරා 

සැපට යන්නට දුප්පත් අපගේ වාහනයට ගොඩවෙන නෝනාවරු මහත්තුරුන්ට ...

දුම්රියක මෙහෙවර සැමවිට අප ලඝු කොට තැකිය නොහැක 
සිය දහසක ජනයා කැන්දන් යනෙන 
ප්‍රමාදීව හෝ අපහසුතාවයෙන් යුක්තව ගමනාන්තයට ගෙනයන 
සාපේක්ෂ ලෙස සාධාරණ මුදලකට ගමන් සපයන 
එකඳු වාහකය දුම්රියම වේ 
මෙහි ගමන ඒකාකාරී නොවේ 
විනෝදජනකය
යකඩ කඳක් ගමනක් ඒකාකාරී නොකරන්නේ කෙසේද 
දුම්රියට එසේකල නොහැකි කල 
එහි වෙසෙන ජනයා 
තම තමන්ගේ ඒකාකාරී බවින් මිදීමට උත්සුක වෙති 
එහිද දෙපැත්තක පවතින බව හිස් මොළ නොපිළිගනිති 
සැමවිට තමන් සුද්ධවන්තයා වෙයි 
කාර්යාල දුම්රියක නම් 
කාලාන්තරයක් තිස්සේ අල්ලාගත් තැන 
ඔවුන් වෙනස් නොකරති 
සැමවිට විහිළුවෙන් තහළුවෙන් කල් ගෙවති 
හුදෙකලාව යන්නා මෙය විවේචන කරනු ඇත 
ඔහුගේ නිදහසට එය බාධාවක යැයි සිතනු ඇත 
එහි දෙපැත්ත කිසිවකු නොසිතනු ඇත 
හුදෙකලා පුද්ගලයා තමන්ගේ හුදෙකලාබව ඔහු විසින්ම නැති කරගත යුතුය 
එහිත් සීමා පිට පැනිය යුතු නොවේ 
නිදාගන්නට අවැසි නම් නිදාගත යුතු නමුත් 
ගෙදර මෙන් නිදාගන්නට දුම්රියක නොහැක 
නිස්කලංක පරිසරයක් කිසිඳු දින සොයාගන්නට නොහැකි වනු ඇත 
අනෙකාට ඇඟිල්ල දික් කරන්නට මත්තෙන් 
තමන් සිතිවිලි මැද සිතිය යුතුයි 
සැපට යන්නට ඇයි දුප්පත් අපේ දුම්රියට ගොඩවුනේ 
තමන්ටත් කියා වාහන නැතිනම් 
සැපපහසුවට යන්නට බස් රථ ඇත 
එයත් නැතිව ඇද කුද සොයන්නට 
තෝරාගත් දුම්රියේ නිතර ගමනේ යෙදෙන 
මගියා හා උරණ නොවන්න 
එකම කාසියක දෙපැත්තක මෙන් 
එකම සිදුවීමක දෙපැත්තක සිතන්න 
තේරුම් නොගැනුනත් 
අඩුමතරමින් මොළයට 
කල්පනා ශක්තියවත් ලැබේවි 

සටහන අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.