Ads Top

" Angry Bird "



 | අනූ පෙරේරා 

බොහෝදුරට ඇතැමුන් ඇතැමුන් සමඟ රණ්ඩු කරන්නේ
සිත් අමනාපකම් ඇති කරගන්නේ
ඔවුනොවුන් අතරේ ඇති ශක්තිමත් බැඳීම් ශක්තිමත් ආදරේ නිසාමයි
හිතන්නකෝ අපිට තරහ එන්නේ අපි ලඟින්ම ඇසුරු කරන අයත් එක්ක
ගොඩක්ම ලඟින්
වටේ ඉන්න හැමෝමත් එක්ක රණ්ඩු කරන්න වෛරයෙන් ජිවත් වෙන්න
අපි කවුරුත් හිතා මතා උත්සහ කරන්නේ නෑ
ඔයයි එයයි ගොඩාක් ආදරෙන් ඉන්නවනම්
ඔයයි එයයි අතරේ තරහ ඇති වීම් වල සම්භාව්තයන් ඉතා ඉහලයි
කොච්චර ආදරෙන් හිටියත් වලියක් දෙකක් යනවමයි
ඉතිං කොච්චර ෂෝක්ද
ඊටපස්සේ රණ්ඩුත් එක්ක ඇති වෙන්නේ පෙරටත් වඩා ආදරයක්
ආදරවන්තයෝ එහෙමයි
එහෙමත් නැත්තම් යාළුවෝ,
ඔයාගේ අතේ ඇඟිලි ගානට හොඳ යාළුවෝ ඉන්නවනම්
සහ ගනින්නට බැරි තරමින් යාළුවෝත් ඉන්නවනම්
සාපේක්ෂව තරහ වෙන්නේ අතේ ඇඟිලි වගේ ඉන්න යාළුවො එක්ක
එකක් ඔයා දන්නවා මොන දේ උනත් යාළුවෝ ඔයාව දාලා යන්නේ නෑ කියලා
වගේම ඔයා එයාලා එක්ක සමීපයි
තරහ වෙන්න යාළු වෙන්න ඔයාට ඉන්නේ එයාලා විතරයි
ඉතිං ඔයා බය නැතිව තරහා ගන්නවා
මොකද ඔයාට ඔයාටත් වඩා එයාලව විශ්වාස නිසා
කොච්චර තරහ වුනත් ප්‍රශ්නයක් උන සැනෙන්
" ඇයි මචං මොකද අවුල ? " කියල එයාලා අහන නිසා
ඔහොම හැමදාම කරන්නත් බෑ
එයාලගෙත් ඉවසීමේ අවසානයක් තියෙනවා
අන්තිමේදී ඔයාව අත ඇරලා දමලා ගහලා යනවා
නැත්තම් සමහර යාළුවෝ තවත් ඔයාව අල්ලාගෙන ඉන්නවා
ඔයාගේ තරහ නිවන්න එයාලා දන්නේ නෑ
හැබැයි සැපේදී දුකේදී ඔයා එක්කම ඉන්නවා
.....
ලියාගෙන ලියාගෙන යනකොට තේරුනේ මේක ඔයාට නෙවෙයි
මම මටම කියාගන්න ඕනි දෙයක් කියලා

Siththam Maya | Anu Perera. Powered by Blogger.