Ads Top

" පිළිගන්න සෙනෙහස ස්නේහයෙන් "


 | අනූ පෙරේරා 

සුදු මැණිකේ මම කවුද ?
- නැ..න්නා
කවුද..... ?
- නෑ...න්නා

අනේ නෑ පුත මම නුඹේ දෙවැනි මව්
මම නුඹේ සෙවණැල්ල වෙන්ටද ?
අනේ නැත මම නුඹේ හුස්ම වෙන්නම්
නුඹ ගන්නා හුස්මක් හුස්මක් ගානේ මමත් ජිවත් වෙන්නම්
අනේ නුඹට පිං, මා මෙසේ මවක් කලාට, මා මෙසේ ජිවත් කරවනවාට
මටත් නොදැනීම ගෙවී යන කාලය
යලි අල්ලා ගන්නට අවශ්‍ය නොවේ මට
නුඹේ සිනාවෙන් පුරවන්න සතුට
හදවතට ඉහිළුම් නොදෙයි මේ ප්‍රේමය
පුත නුඹට මොනවද අවශ්‍ය ?
බොළඳ නොවේ මම
අවශ්‍යද මාගේ හුස්ම
පියවරක පසුපසට නොගෙන දෙන්නම්, ගන්න
නුඹ වෙනුවෙන් ජිවත් වෙන්නට, මැරෙන්නට හැකිය මට
ලෞකික ජිවිතයේ කිසිදා අත් හැරිය නොහැකි වස්තුව නුඹ
නමුත් නුඹේ සැපය තනා සමුදිය හැකිය මට
වදන් නැත මේ සෙනෙහස විදහන්නට
ලෝකයෙන් වසන් නොකර, කල නොහැක මේ ආදරය
දෙවියනි දෙන්න ආයුෂ මාගේ ආදරියට
දෙන්න ශක්තිය මේ ගෙන්දගම් පොළවේ පය ගසා ජීවත් වෙන්නට
මිහිකත දෙන්න ඇයට ජිවත් වෙන්නට දහිරිය
සුළඟ දෙන්න ඇයට මිහිරි ආශ්වාස
සියොතුන් රැක ගන්න ඇයගේ අමිල ජීවිතය
වළාකුළු වෙන්න ඇයට නොඅඩු සෙවණක්
තුරු ලතා නිවන්න ඇයගේ විඩාවන්
ඇල දොළ සංසිඳුවන්න ඇගේ පිපාසයන්
අහස් ගැබ ගන්න ඇගේ පරාජිත සිතුවිලි
බැරි නම් දෙන්න මට ඇගේ සියළු සෝ සුසුම්
පුත මම සිහින දකිමි නුඹේ අනාගතය
නුඹ දක්ෂයෙකුටත් දක්ෂයෙක් වනු ලෙස 
ඇති තරම් සිහින දකින්න
සිහින මත හති වැටෙනතුරු දුවන්න
නුඹේ අත අල්වා ගෙන මමත් දිව එන්නම් පසුපස
දිනෙක මා නවතීවි
නමුත් නුඹ නොනවතින්න
මගේ සිහින නොකඩන්න
නුඹ වෙනුවෙන් බැරි නම් මා වෙනුවෙන්ම
හඹා යන්න හැබෑ වන සිහින දෙස
නුඹට දැනේවි මාගේ උණුහුම
ගව් ගණනක දුරක් නොව ඇසි පියල්ලක දුරක් ඇත
අපේ මේ අසීමිත ප්‍රේමයට
වස් නොවදින්න දොස් නොදෙන්න
ආශිර්වාදයක්ම වෙන්න
අප හද දෝරේ ගලනා සෙනෙහසට

To be continued ...

Siththam Maya | Anu Perera. Powered by Blogger.