Ads Top

" කපුරු මෑන් "


 | අනූ පෙරේරා 

ලුනාව දුම්රිය පොලෙන් දුම්රියට ගොඩවුණු ඔහු 
එක් කකුලක් අහිමිව බිරිය සමඟින් දරුවකු හිමිව 
සාමාන්‍ය හිඟන්නෙකු ලෙස 
නමුත් සාධාරණව 
හුදෙක් 
තමන්ට අන්ඩක් නැතුව ඉපදීම 
දෙවියන්ගේ ත්‍යාගයක් කොට සැලකු 
පොදු හිඟන සමාජය තුල 
ඔහු ඔහුගේ වෘත්තියට 
සාධාරණත්වයක් දෙන්නට උත්සහ කළා 
කිහිළිකරු දෙකක ආධාරයෙන් 
ආසනයක් ආසනයක් ගානේ ඔහුත් බිරියත් ළදරුවාත් 
යමකට අර අදිනු දකින්නට ලැබුනා 
ම්හ්හ් කිසිවෙකු ඔහුට සවන් දුන්නේ නැත
ඔහු ගේ හිඟාකෑමේ අලෙවිකරණ උපක්‍රම තිබුනේ නැත
ඒ නිසා ඔහු අසාර්ථකයි 
මම උන් දෙසට ඔහු එනවිට 
ඔහු දිස්වුනේ චන්දෙට ඉල්ලන ඇමතියෙකු සේය 
ගෙල පුරා මල් මාලා නම් තිබුනේ නැත 
ගෙල වටේටම කපුරු වැල් ඔතාගෙන ඇත 
ඔහු බේබද්දෙක්ද වංචා කාරයෙක්ද 
මා නම් විනිශ්වයට ගියේ නැත 
ඔහුට ඔහු වංකද අවංකද හෘද සාක්ෂිය පිළිතුරු ලබා දේවි 
මට මා කල දෙයෙහි වටිනාකමක් ලැබේවි
කපුරු බෝල අවශ්‍යත් නැත 
අනවශ්‍ය දේවල් වලට වියදම නොසොයයි නම් 
මේ කපුරු බෝල අරං පාරේ බල්ලොන්ට ගහන්නද  
ගමන් වියදමට තිබුන සොච්චමෙන්,
රුපියල් සියයේ කොළ දෙකෙන් එකක් දික් කරමින් 
" දෙන්නකෝ කපුරු පැකට් එකක් " 
" අනේ නෝනා රුපියක් විස්සක් නැද්ද ? " ඔහු පෙරලා මගෙන් අසයි 
පසුම්බිය දෙකක් කර සොයමින්  " ම්ම්ම්ම් ..... නෑනේ "
" බලන්නකෝ අසුවක් මාරු " ඔහු බිරිඳට පවසයි 
පොඩි ගමන් මල්ලක් ඇතුලේ ඇය මාරු සොයයි 
" අනේ පැකට් දෙකක්ම දෙන්නකෝ "
එකකින් පලක් නැති මට දෙකක් මොකටද 
මම මගෙන්ම ප්‍රශ්න කරයි 
කෘතගුණ සැලකීමේ සිනහවක්ද සමඟ 
ඔහු රුපියක් හැටක් මගේ අත තබයි 
" පිං සිද්ධ වෙයි නෝනට "
ඔහු මගේ පියාගේ වයසට ආසන්න සේ පෙනෙයි 
නමුත් මා ඔහුට නෝනෙකු වූ සැටි 
ගරු නම්බු අපේක්ෂා නොකරන මොහොතක 
ඒවා ලැබෙන්නට හදනකොට 
හිත පොඩ්ඩක් කළබල වෙන්නට ගනී 
" අනේ මට එහෙම කතා කරන්නට එපා "
කියන්නට මත්තෙන් ඔහු මට සමු දී අවසානයි 
අනුන්ගේ හැන්දේ වළඳේ නොවැටී 
මහන්සියෙන් හරි හම්බකරගෙන කනකොටයි 
කන කෑම පවා ඇඟට අල්ලන්නේ 
දිරවන්නේ 
එහෙනම් ඔහුට ආයුබෝ 
සහ 
ජයවේවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.