Ads Top

" දෙයියෝ දුන්න උපන්දින තෑග්ග ..."



                                         | අනූ පෙරේරා 

මම දෙවියන්ට දුරකථන ඇමතුමක් දුන්නා 
- ඇයි ?


මගේ උපන්දින තෑග්ග ගැන අහන්ඩ 
- හම්බුනාද ?

ප්‍රතිචාරයක් නෑලු 
- මොනවා ? 

හ්ම්, ආයෙත් ගත්තා
- ඊටපස්සේ ?

කාර්යබහුලයිලු 
- මොනවා ?

හ්ම්, ආයෙත් ගත්තා
- ඊටපස්සේ ?

වෙන කවුද කතා කරලා කිව්වා දෙවියෝ දැන් උපන්දින තෑගී දෙනවා පස්සේ කතා කරන්න කියල 
- අම්මටසිරි, එතකොට උඹේ තෑග්ග ?

ඒක තමා බං.මං කිව්ව මට හම්බුනේ නෑ කියල 
- ඒක හොඳා, ඉතිං ?

මගේ එක ඉපදුන දවසෙම දුන්නලු. ඊටත් වඩා වටිනා තෑගී දෙන්න දෙයියන්ටත් බෑලු 
- ඉතිං මොකද්ද හම්බෙලා තියෙන්නේ ? 

" පිංවන්ත අම්මෙකුයි සෙනෙහෙවන්ත තාත්තෙකුයි වගකීම් පුරවගත්තු අයියෙකුයි " තෑගී විදියට දුන්නලු 
- ඇත්ත බං 

හ්ම්, මීට වඩා වටින්නේ මොනවද නේද ? 
- හොඳම දේ දරුවන්ටනේ බං 

Siththam Maya | Anu Perera. Powered by Blogger.