Ads Top

" SHEහානි "


Life Time Warren teed        

වයස අවුරුදු 11  යි අපි යාලුවෝ වෙනකොට.වයසින් විතරක් නෙවෙයි අද අපි ඉන්න තැන  , මේ හැමදේකින්ම පුදුම විදියට මුහුකුරා ගිහින් . අද මම මගේ යාළුවගේ පුරුදු සුන්දර ( 100% මොංගල් ) හිනාව වෙනුවට ව්‍යාජ හිනාවක් දැක්කා.ඇස් අතරින් මම ඒ වේදනාව ඉවසන් ඉන්න ක්‍රමය දැක්කා.එකම හිත දෙපැත්තක යුද්ධ කරනවා මම දැක්කා.හිත කඩාගෙන වැටෙන වෙලාවේ ඇගේ වැටෙන හිත ස්වයං ප්‍රතිසංස්කරණය වෙනවා දැක්කා.ඇය සැනසාළු වෙලාවේ ඈ අපව සැනසෙව්වා.ජීවිතය මරණය එකම කාසියක දෙපැත්තක් වගේ.එත් ඇගේ දරාගැනීමේ ශක්තිය ?? ඔව් මම පුදුම වෙන්නේ නෑ.මොකද මම අවුරුදු 11  ඉදං ඇගේ යෙහෙළිය.ඇගේ හිත මා හට කියවිය නොහැකි නම් වෙනකෙකු ඇගේ හොඳම මිතුරිය වන්නට ඉඩනා තිබුනා. මුලින් පැවසු මුහුකුරත්වය අදාළ වන්නේ අවට ලෝකෙට පමණයි.කෙදින අපි කෙසේ මුණ ගැසුණත් අපි අපිමයි. ඇදුම් පැළදුම් හැසිරීම් වෙනස් වේවි නියතය නම් අපගේ 100% මොංගල් සිනහව හා දැඩි දෝංකාරයකින් හෙබි කතාව එලෙසටම පැවතීමයි.
අදටත් තඹ සතේක වෙනසක් නැති මේ මම මගේ ජිවිතේ ගොඩක් ගරු කරන මගේ හොඳම යාළුවා ( ශෙහි )Shehani Dilishika වෙනුවෙන් .....
- මේ  විශ්ව විද්‍යාල දොරටුවෙන් මෙහා යාළුවා


| Anu Perera  

Siththam Maya | Anu Perera. Powered by Blogger.