Ads Top

The Imitation Game - Attempt to Crack the Unbreakable Nazi Code

The Imitation Game | Kanopy
කම්මැලිකමේ උපරිමේට කොරෝන්ටයින් වෙන නිසාත්, අතෝරක් නැතුව ඔහේ චිත්‍රපටි බැලෙන නිසාත්, ඒවා බල බල නින්ද යැවෙන නිසාත්, ඒවාට වටිනාකමක් නොලැබෙන නිසාත්, ඒ බැලෙන චිත්‍රපට ඔළුවේ රඳවා ගන්නට, බෝරින් නොවෙන්නට හේතුවක් හොය හොයා හිටිය නිසාත් මං හිතුවා එකට පොඩි වැඩක් ගලපගන්න, ඒකට ඔයාවත් ඈද ගන්න. සීරියස් වැඩක් නම් මම කරන්න කැමතිම තනියෙම. හැබැයි චිත්‍රපටියක් නම්, තව එකෙක් ඕනෑමයි බලන්නට, ඒ ගැන කියවන්නට. ඒකටම ගැළපෙන එකෙක් එක්ක. ‘අපෝ මේක එපා වෙනවා බං’ කියන එකේ ඉඳන්ම ‘අඩෝ මේක මාර කුතුහලයිනේ, ෆුල් හැපනින්ග්නේ’ කියන තැන වෙනකම්ම තර්ක කරගෙන හරි කමක් නෑ ඒ සෙන්ස් එක ඒ වයිබ් එක බෙදාගන්න. ෆීලින් ඕසම් විත් කොරෝන්ටයින් කියලා අපි වර්චුවල් හග් එකකින් වැඩේ පටන් ගමු මේ සුබ මොහොත කියලා හිතාගෙන. 


චිත්‍රපටියක් බලලා ඒ ගැන පුලු පුලුවන් විදියට අකුරු ගළපන එකේ පොඩි ත්‍රිල් එකක් තියෙනවා. වෙනදා නම් චිත්‍රපටිය බැලුවා, පස්සේ ඒ ගැන එහෙන් මෙහෙන් කතා කළා. හරි බං එල කිව්වා ගෙදර ගියා. ඒත් තනියම බලලා ඒ ගැන පොඩ්ඩක් ලියන්න ගත්තම ෆිල්ම් එක ගූගල් කරලා ඒකෙ වටපිටාවක් හොයාගන්නවා. චරිත වල නම් වලට එහා ඔවුන්ගේ ඇත්ත නම් දැනගන්නවා, ‘IMDB’ ඒ කියන්නේ Internet Movie DataBase අගය, ක්‍රිටික්ස් ඔක්කොම දැනගන්න පුළුවන් වෙනවා. ඒ අතින් එකේ පොඩි ආතල් එකක් තියෙනවා, දැනුමකුත් එකතු වෙනවා. 


IMDB දර්ශකය 8ක් ගන්න ‘The Imitation Game’ කියන්නේ ‘Morten Tyldum’ (මෝර්ටන් ටිල්ඩම්) අධ්‍යක්ෂණය කරපු 2014 දී රිලීස් වුණ ඒත් මං ඊයේ පළවෙනි වතාවට බලපු ටිකක් පරණ චිත්‍රපටියක්. හැබැයි කිසිම දූවිලි ගතියක් මේකේ පෙන්නෙන්න තිබුණේ නෑ. සත්‍ය සිදුවීමක් වුණු මේ නිර්මාණය, මහා බ්‍රිතාන්‍යය සහ ජර්මනිය අතර ඇතිවුණු දෙවන ලෝක යුධ සමයේදී බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ රහස් ව්‍යාපෘතියකට සම්බන්ධ වුණු ගණිතඥයෙකු වටා දිග හැරුණු කතාවක්. ඔහු නමින් ‘Alan Turing’ (ඇලන් ටියුරින්). මේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න ‘Doctor Strange’. ඔහුගේ ඇත්ත නම ‘Benedict Cumberbatch’ (බෙනඩික් කම්බබැච්). 


ගොඩක් වෙලාවට අපි චිත්‍රපටි බලන්නේ කාගේ හරි රෙකමන්ඩේෂන් එහෙකින්. නැත්තම් නළු නිළියන්ගේ පර්සනලිටි එකෙන්. ‘Captain America’, මම ආසම ‘Marvel’ Character එක උනත් සුපිරි වීරත්වයට එහා ගිය මයින්ඩ් එකේ හටනක් තියෙන ‘Doctor Strange’ ෆිල්ම් එකට මං කැමති වුණේ ඒකෙ තිබුණ සයිකොලොජිකල් ගතිය නිසා. ඇත්තටම මං හිතුවේ නෑ ඉමිටේෂන් ගේම් එකෙත් ‘බෙනඩික්’, ‘ඩොක්ටර් ස්ට්‍රේන්ජ්’ වගේම තදයෙක්, මාන්නක්කාරයෙක් කියලා. 


චිත්‍රපටිය spoil කරන්න මගේ තුන් හිතකවත් නෑ. හැබැයි සිනොප්සියට අනුව කතාව දිව යන්නේ ජර්මානු නාසි හමුදාව අභ්‍යන්තර රහස් සන්නිවේදනයට භාවිත කළ ‘Enigma Machine’ එකෙන් හුවමාරු කරගන්නා රහස් පණිවිඩ බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව decode කරගන්නට දරණ උත්සාහය ගැන. හැබැයි ඒක ලෙහෙසි පහසු වැඩක් උනේ නෑ, මොකද පණිවිඩය ඩිකෝඩ් කරන්න නම් ඒකට එනිග්මා මැෂීන් එකේ settings ටික දැනගන්න වෙනවා. මේ settings වල possibility එක හරියටම 159 යි ඊට පිටිපස්සෙන් බිංදු 18 කුයි දැම්මම එන අගය. හොඳම කොටස තමයි මේ සෙටින්ග්ස් හැම මධ්‍යම රාත්‍රියකම වෙනස් වෙනවා. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය හමුදාවට මේ රහස් පණිවිඩ දැනගන්න නම් පැය 24ක් ඇතුළත අර මිලියන ගාණක පොසිබිලිටි එක ට්‍රයි කරලා බලන්න වෙනවා. චිත්‍රපටියේ මේක “Unbreakable Nazi Code” ලෙස විස්තර කෙරෙන්නේ ඒක ඒ තරමට ඉම්පොසිබල් නිසයි. 


‘ඇලන්’ ව මේ සීක්‍රට් ප්‍රොජෙක්ට් එකට රෙක්රූට් කරන්නේ පොසිබිලිටි උරගා බලන කෙනෙක් විදියට. ඒත් මෙයා තදයෙක් නිසා ඉහළ ඕඩර්ස් අහන්නෙ නෑ. පොසිබිලිටිය ට්‍රයි කරන එක පැත්තක තියලා පොර තනියම නාසි කෝඩ් එක කඩන්න පුළුවන් විදියට මැෂීන් එකක් නිර්මාණය කරන්න උත්සහා කරනවා. ඒකට එයා නම දාලා තිබුණේ, ‘Christopher’. ඇත්ත ජිවිතේ ක්‍රිස්ටෝපර් කියන්නේ ඇලන්ගේ කවුද? ඒක චිත්‍රපටියෙන්. 


බෙනඩික් වගේම මේකේ රංගනයෙන් දායක වෙන නිළිය Oscar nominated, ‘Keira Knightley’ (කියාරා නයිට්ලි). චරිතයේ නම ‘Joan Clarke’ (ජෝන් ක්ලාක්). හරියටම චිත්‍රපටිය පටන් ගෙන 30 වෙනි විනාඩියේදී තමයි ‘ජෝන්ගේ’ ඒ කියන්නේ ‘කියාරගේ’ එන්ට්‍රන්ස් එක තිබුණේ. ‘මේ කැතරින් නේද’ ඇයව දැක්ක ගමන් මං කල්පනා කළේ හරියට ගෙවල් ගාව ඉන්න කෙනෙක් පාරේදී මුණ ගැහුනා වගේ ෆීලින් එකකින්. ‘Katharine Gun’ (කැතරින් ගන්) කියන්නේ මේ සතියෙම බලපු තව පට්ට ෆිල්ම් එකක ‘කියාරා’ රඟපෑ කතා නායිකාවගේ නම. ඒ ගැන පස්සේ කතා කරමු. 


නාසි කෝඩ් එක බිඳින්න ඔන්න මෙන්න තියෙන අවස්ථා කිහිපයකදීම කුතුහලය උපරිමයට ගෙනැත් මධ්‍යම රාත්‍රියේ දොළහේ කණිසම වදින මොමෙන්ට් එක, බලන් ඉන්න අපි, කොයි තරම් බ්‍රිතාන්‍ය හමුදාවට පක්ෂපාතිද කියන එක හොඳටම ඉස්මතු කරලා පෙන්නනවා.  චිත්‍රපටිය පුරාවට අපි බ්‍රිතාන්‍ය හමුදාවට හිතින් සෙත් පතන්නේ ‘කොහොමහරි ඔය කෝඩ් එක කඩාපල්ලා, ලෝක යුද්ධය හමාර කරපල්ලා’ කියන ආශිර්වාදය එක් කරමින්. එතැනදී යටත් විජිතය පොඩ්ඩකට අපට අමතක වෙලා යනවා. ඒත් එක්කම unbreakable code එකකින් ලෝක යුද්ධයක් ඇති කරපු යුරෝපය දෙවනත් කරපු ඇඩොල්ෆ් හිට්ලර් (Adolf Hitler) කෘර පාලකයෙක් වුනත් පොරක් තමයි කියලා හිතෙන්නේ මේ නාසි කෝඩ්ස් වල සෙටිංස් හදලා තියෙන විදිය දැක්කම. 


‘Are you Paying Attention ?’ ඒක තමයි Imitation Game චිත්‍රපටියේ ඇහෙන පළවෙනි ඩයලොග් එක. ප්‍රබලතම ඩයලොග් එක. සමස්ථයේ බේස්මන්ට් එක. So Pay Attention ! 

- අනූ පෙරේරා | සිත්තම් මායා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.