Ads Top

මං ගේම් කාරයා


මං ගේම් කාරයා 

සිත්තම් මායා | අනූ පෙරේරා 

හෙට ලොකු විභාගයක් ලූ 
පොතක් අතින්වත් අල්ලන්නේ නෑ ලූ 
කොහොමත් ඒ මගේ හැටි ලූ 
අම්මා ඔළුව කන්න හදනවා ලූ 
වදින්නේ නැති ටික විතර ලූ 
අයියා වගේ නෙවේ ලූ 
පාඩම් වැඩ වලට කිසි උනන්දුවක් නැති ලූ 
අම්මට දුක හිතුනා ලූ 
ඉතිං මං පාඩම් කරන්න ගත්තා ලූ 
මං වෙනුවෙන් නෙවෙයි ලූ 
අම්මා වෙනුවෙන් විතරක්ම ලූ 
වැඩේ ගොඩ දාන්න පොරොන්දු උනා ලූ 
පැය හතරකින් විෂයන් ඉවර කළා ලූ 
බැජ් එකේ ටික පාඩම් කරනවා ලූ 
තාමත් ඔළු බදාගෙන පේපර් අස්සෙම ලූ 
ඉතිං මට ගාණක්වත් නෑ ලූ 
පාඩම් කරන මුවාවෙන් 
මං Dear Zindagi ආයේ පාරක් බලනවා ලූ 
ඒ රැවටෙන්නේ අම්මා නෙවෙයි ලූ 
මටම ඒක තේරුණා ලූ 
ආයෙමත් පාඩම් කරන්න පටන් ගත්තා ලූ 
කොහොමහරි ගේම ගොඩ දානවා ලූ 
කාමරේට එබිකම් කර බැලුවා ලූ 
ඇගේ සුදු පුතා පාඩම් කරනවා ලූ 
මං ගේම් කාරයා බව එයා දන්නවා ලූ 
ඉතිං ඇවිත් මගේ නළල ඉම්බා ලූ 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.