Ads Top

සං වාදේ

Image result
සං වාදේ 

සිත්තම් මායා | අනූ පෙරේරා 

අම්මා කිව්වා , 
උඹට හොඳ යාළුවො ටිකක් ඉන්නවා නේද 
කියලා

මං කිව්වා, 
නෑ අම්මේ, 
ඔයාටයි තාත්තටයි පස්සේ ඉන්න 
අම්මලගෙයි තාත්තලගෙයි 
සහෝදර සහෝදරියෝ කියලා 

අම්මා කිව්වා,
හොඳයි හැබැයි පරිස්සමින් කියලා 

මං කිව්වා, 
හා, ඒත් ඇයි කියලා 

අම්මා කිව්වා, 
ලෝකයට පුළුවන් කතා හදන්න කියලා 

මං කිව්වා, 
ගැහැණු - පිරිමි මොකද්ද මේ භේදය 
ලෝකෙට පේන්නෙම වැරදියට ද  කියලා 

හැබැයි හිතෙන් 

මොකද මං වෙනුවෙන් අහන්න හිටියේ අම්මා විතරක් නිසා 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.