Ads Top

කට්ට


කට්ට

සිත්තම් මායා | අනූ පෙරේරා

සුපිරි වාහන ඕනේ නෑ අපිට full happening එකේ එහෙ මෙහෙ යන්න 
pizzahut, kfc ඕනේ නෑ අපිට පොෂ් party දාන්න
highclass මිනිස්සු ඕනේ නෑ අපිට සතුටෙන් ඉන්න
කඩ්ඩ polish වෙන්න ඕනේ නෑ අපිට හිතේ දේවල් බෙදාගන්න

ඇයි මේ ?
හීන නැතුවද ?
අපෝ නෑ
හීන ටික දශමෙක එහෙ මෙහෙ වෙන්නේ නැතුව
තාමත් හිතේ ගලේ කෙටුවා වාගේ
හැබැයි පාරේ යන්න
උඩ කියපු දේවල් නැතුවට කමක් නෑ
මොකද ඔයාට නොතේරෙන අමුතු කික් එකක්
#කට්ට කන එකේ තියෙනවා
ආස්සරේට කැමතිම යාළුවෝ සෙට් එකත් එක්ක
රෑ දවල් බලන්නේ නැතුව
කන්න බොන්න හොයන්නේ  නැතුව
ඉන්න හිඳින්න තැන් නැතුව
මහ රෑට දුක කියාගන්න කෙනෙක් නැතුව
හැමෝම තමන්ගේ දුක හිතේ හංගගෙන
ව්‍යාජ හිනාවක් මූණේ රන්දාගෙන
මේ ජීවිත සටනේ
ඔට්ටුවෙනවා මහපොළවේ පය ගහලා ජීවත් වෙන්න
මාත් ඇතුළුව මේ මගේ සෙට් එකට
සල්ලි නැතුවද ? ඉන්න ගෙවල් නැතුවද ? කන්න කෑම නැතුවද ?
මේ ඕනෙම දේක අඩුවක් නෑ
අම්මගෙන් තාත්තාගෙන් උරුමය නැතුව නෙවෙයි
සරලවම මේ හිඟන්නෝ නෙවෙයි
හැබැයි
මුන්ට තියෙනවා පුදුමාකාර උණක්
උණ සන්නිපාතයක්
තමන්ගේම කියලා වත්කමක අයිතිකාරයෙක් වෙන්න
පරම්පරා ගාණක් යනකම් නම අමතක නොවෙන කෙනෙක් වෙන්න
උන්ට කියන්නේ අපි
සරලවම
තමන්ගේ කකුල් දෙකෙන් හිටගත්ත " මිනිහෙක් " කියලයි


#අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.