Ads Top

මෛත්‍රිපාලනයේ මෛත්‍රීය


මෛත්‍රිපාලනයේ මෛත්‍රීය 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් 
රාජපක්ෂ ආණ්ඩුවක් වෙනුවට 
සිරිසේන ආණ්ඩුවක් පිහිටවනු ලැබුවේ 
ඔබතුමාට ඇති ආලවන්තකමේ 
ප්‍රතිඵලයක් ලෙස නම් නොවෙයි 
අනාධිමත් ලෙස තවමත් ගෙවන ජීවිත
සුඛිත මුදිත කරගැනීම පිණිසයි 
රටේ බහුතර ජනතාව අද වන විට 
දෝලනය වන්නේ 
මේ කපා ගත්තා වූ දෙකේ දෙකේ පොල්ලෙන් 
ඔබතුමාට ගසනවාද නැතිනම් 
ඔවුන්ටම ගසා ගන්නවාද යන්නයි 
ඔවුන් තවමත් 
ඔබතුමන් හා පෙර පැවති ආණ්ඩු 
දුන් පොරොන්දු තුල 
සිඟිත්තන් සේ ජීවත් වෙති 
මාගේ ගැටළුව 
අපි ඔබ තමුන්නාන්සේලාගේ 
කට ගැස්මද ?
ඔබතුමන්ලාගේ 
ෆැන්ටසි ට්‍රික්ස් තුල 
අපි හැමදාම පැටලිය යුතුද ?
මා හට පසුගිය කාල වකවානුවේ පැවති 
රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම 
මෛත්‍රී පාලනය 
ගැන කිසිඳු 
පුද්ගලික තරහක් නැත 
එමෙන්ම කිසිඳු 
පැහැදිමක්ද නැත 
එමන්ද 
ඔබවත්, ඔහුවත් 
මා වෙනුවෙන් මගේ උන් වෙනුවෙන් 
පුද්ගලිකව 
අබ මල් රේණුවක 
දෙයක් සිදුකර නැති බැවිනි  
එහෙත් මා හට ලැජ්ජාවක් නැත 
බහුතර මිනිසුන්ට ලැජ්ජාවක් නැත 
හෙට චන්දේ පැවතුනොත් 
ජැන්ඩියට ගොස් කතිරය ගසන්නට 
වරක් දෙවරක් නොසිතන තරම් 
අපට ලජ්ජාවක් නැත 
එසේ නම් ගරු මැති ඇමති වරුනේ 
' සමාවෙන්න '
අපියි මෝඩයෝ 

- අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.