Ads Top

" නොනිමි පූජා "

ආදරණිය පූජා අක්කිට


නුඹ කාර්යබහුලයි - සිනහවන් අතර,
රසික සිත් වල ?
නෑ දුප්පත් පොඩි හිත් වල
සිනහවට වෙළඳ පොළේ ලොකු මාකට් එකක් තියෙනකොට
නුඹ කොහොමද නොමිලේ එය විකුණන්නේ
නුඹට ලාභ පවතීද ?
සත්‍ය වශයෙන්ම මෙය ද්වීපාර්ශවිය ගනුදෙනුවක්ද ?
හීනමානය නුඹ ගාව ඇත්තෙම නැතිද ?
නුඹේ නරක ගතිගුණයක් ඇත්තෙම නැතිද ?
විවේචනයක් නෑ මං ලඟ
ඇගයීමක්ම ඇත මගේ ලඟ
නුඹ මට එක්තරා පොරක් , චරිතයක්
කෙසේද ?
චාම් බවින්, සරල බවින්
සරාගී ළඳක නොවේ නුඹ
දෙව්දුවකි නුඹ
උද්ධච්චකම සියයට බිංදුවයි
නුඹේ කැඩෙන සිංහල අහන්න මං හරි ආසයි
ලොස් නැතුව බෙදන හිනාව
සිංහල අතරේ හිර වුනු දමිළ වචන
නුඹ තව තවත් හුරුබුහුටි චරිතයක් කරවයි
නුඹ රඟ පාන නිළියක් සේ මට නොපෙනෙයි
නුඹ සහෝදරියක් සේම පෙනෙයි
මා නුඹ ගැන නොදන්නා දේ බොහොමයි
නමුත් දන්න දේ නම් නුඹ චරිතාංග සහෝදරියක නම් නොවේ
ගැලපෙන නමකින් හෙබි නුඹ
සැබැවින්ම පුජාවකි සැමට

| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.