Ads Top

" දුවන ජිවිත "


ඝට්ටන මැද්දේ හැල හැප්පීම් මැද්දේ
සිනහව විරහව මැද්දේ
දුවන ජිවිත
මහන්සිය නුඹව විඩාව ගෙන දෙයි
නොනවතින නුඹ
කම් නැත දුවන්න ඉදිරියටම දුවන්න
හති වැටේවි හති අරින්න නැවත දුවන්න
විවේචන එයි නුඹට
සල්ලි පස්සේ යන්නෙකු ලෙස
කම් නැත අත් හරින්නට එපා
නුඹ දුවන්න
හරි මාර්ගයේ නුඹ දුවන්න
නොනැවතුණු නුඹට අත නොදෙයි කිසිවෙකුත්
සල්ලි නොවේ ජීවිතය
කරනට දෙයක් නැත ලෝකය වෙනස් වී ඇත
සල්ලි නැති කොට නෑකම් පවා නොකියන සමාජයක
කිමිදෙන්නට සිදු වී අපිට
කරනට දෙයක් නොමැත කල කම් පල දේ සැමට
දුවන ජිවිත අස්සේ කුසල් වඩන්න, මන්ද
මතු ආත්මයක කල පිං පල දේවි සැමට

| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.