Ads Top

" වැනෙන ජිවිත "


සරල රේඛාවක් නොවන ජීවිතය
උස් පහත් වීම වලින් පිරි ඉතිරුණ ජීවිතය
විටෙක හඬයි විටෙක සිනාසෙයි
විහිළුවක්ද ? දුකක් ? ජිවිතේ ?
බොහොම සංකීර්ණයි, කෙටි කලකට සීමා වූ
අපේ ජිවිත පරිස්සම් කරගන්න ගහන ගැට
මේ හුස්ම පිඹින ජිවිත අස්සේ නොයෙක් ජීවින්
සමහරු රැඩිකල් අදහස් තියෙන අය
සමහරු බොහොම ළාමක උදවිය
සමහරුන්ගේ වැඩ තනි කෙලින්
සමහරු වචන දෙකේ මිනිස්සු
මේ වගේ විවිධ අදහස් ඇත්තෝ
මේ සමාජයේ ජිවිත අරගලයේ නියැලෙනවා
ඔව් මේක අරගලයක්
මානුෂීයව හෝ අමානුෂියව
එකම අරමුණක් වෙනුවෙන් කරන අරගලයක්
මට නම් හිතෙන්නේ මේ හැම චරිතයක්ම අපිට වැදගත්
ගුරුවරු, වෛද්‍යවරු, නීතිඥවරු, ඉංජිනේරුවෝ වගේම
හොරු, මංකොල්ල කාරයෝ, මිනීමරුවෝ ත් වැදගත්
හැබෙයි මේ ඉහල පහල කියන සමාජ තලය නැති කරපු දවසක
මේ හැම චරිතයක්ම වැදගත් වෙනවා
අවැදගත් යැයි සිතන රැකියාව විධිමත් කරමු
අරමුණ සුන්දර එකක් කරමු
ජිවිතේ කියන්නේ තුවක්කුව, පිහිය නෙවෙයි කියලා පෙන්නමු
ඉන් එහාට ලෝකේ එයාලා බැලුවේ නෑ. එයාලා දැකලා නෑ
මේ සුන්දරත්වය
මොකද එයාලා තැනකින් නැවතිලා
රස්සාව ජීවිතේම කරගෙන
පිළියම් යෙදුවොත් එයාලත් වැදගත් තලේට ඒවි
ඉපදෙනකොට කිසිම කෙනෙක්
දොස්තර මහත්තයෙක්, ඉංජිනේරු මහත්තයෙක් වගේම
මිනිමරුවෙක් හොරෙක් වත් නෙවෙයි
මේ ජිවිත අරගලයේ සටන් කරනකොටයි
මේ අරගලවාදී අරමුණ හොඳ එකක් වන්නේත් නරක එකක් වන්නේත්
වැඩි දෙයක් ඕනේ නෑ. මනුෂ්‍යත්වය හැමතැනම වපුරන්නකෝ
හැම බිම් අඟලකම නම් පැළ වෙන්නේ නැති වෙයි
එත් ප්‍රතිපල නැති වෙන්නෑ

| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.