Ads Top

මේක ගෝඨා ගේ ඉඳන් නුඹ දක්වා කියවන්නම ඕනෑ එකක් !!


බලාපොරොත්තුම 
අපගේ මරණය වනවිට 
කෙසේ තනන්නද 
ජනපතිතුමනි අපි අළුත් ලංකාවක් 
අපේම දෙමාපියන් ගුරුන් නෑ හිත මිතුරන් 
ඔවුන්ගේ නොඉටුවුණු ආසාවන් 
අපේ කරමතින් ඉටු කරගන්නා අරගලයේ දී 
අට පහ රස්සාවක් ඇරෙන්නට 
වෙන මොනවද ඉතුරු වුණේ 
ලෝකය වෙනස් කරන්නට තරම් උණ කාරයන්ට 
අපිට සිද්ධ වුණා මරා දමන්නට 
අමු අමුවට උණු උණුවට ඒ සිතිවිලි සමූලව 
ගෝඨා මේ අහන්ඩ,
රැට් රේස් එකේ දුවන්නට වුණ 
නවෝත්පාදන අදහස් වලින් 
කෙළවා ගන්නට කාමරයක් නැති උන්ට 
නියම කරන්ඩ - මරණ දඬුවම 
හැමදෙයින්ම එක වෙයන් අනුබල දෙන උනුත් එල්ලා දමන්න 
අඩුම තරමේ නිව්ට්‍රල් මිනිස්සු ටිකක් ඉතුරු වේවි 
කොහේටවත් නැති රටක් ගෙන යන්නට 
මං දැකලා නෑ කිසිම අම්මෙක් පතනවා 
ඇගේ දෝණියන්දෑ හොඳම මැකැනිකල් ඉංජිනේරුවෙකු, 
ටෙක්නිශියන් කෙනෙකු වඩු ශිල්පියෙකු වුණාවේ ලෙස 
ඔවුන් හිතන්නෙම කෙල්ලන් කවදා හරි පිටට බවමය 
මට දැනිලා නෑ කිසිම තාත්තෙක් හිතනවා 
ඔහුගේ පුතණ්ඩියා ලොව දක්ෂතම නර්තන ශිල්පියා, 
ටේලර් වරයා, මේකප් ආර්ටිස්ට් , සූප වේදියා ලෙස සිතන 
විනා එය පිරිමිකමට නිගාවක් නොවේද ලෙස 
දැන් අපි පමා වැඩි ඇති උන්ගේ මොළගෙඩි වෙනස් කරන්නට 
කමන්නෑ අපි ඉන්ස්පයර් කරමු අපි සපෝර්ට් කරමු 
මේ යන්ග් ජෙනේරේෂන් එකට 
අඩුම තරමින් හෙමි හෙමීට පොඩි පොඩියට 
දෙමාපියන්ටත් හොරෙන් අරගල කරන්නට 
අද ඊයේ ඉපැදුන උන්ගේ මිලියන් ඩොලර් සිහින 
නුඹ පාලනය කරන මේ වර්ග කිලෝමීටර හැටපන්දහසේ පොඩි ඉඩ උඩ 
කවදාම හරි යතාර්ථයක් වෙන බව විශ්වාසයෙන් දැනගෙන 
අපි උන්ට උදව් කරමු මේ සම්මතයෙන් අසම්මතයට පනින්නට 
ඉන්දියන් සාගරයේ මුතු ඇටය යළිත් ලක්දිවම කරන්නට 
සහතිකවම ! 
මට තියෙනවා ඒ විශ්වාසය ! 
මට තියෙනවා ඒ හැඟීම ! 

- මේක  එහෙව් කැක්කුම තියෙන උන් වෙනුවෙන් !!!!

අනුවා | සිත්තම් මායා 


Siththam Maya | Anu Perera. Powered by Blogger.