Ads Top

හිතවත් මානවය - Dearest Mankind


හිතවත් මානවය - Dearest Mankind

සිත්තම් මායා | අනූ පෙරේරා 

නුඹේ ලිපියට පිළිතුරු ලියමි 
කෙසේද නුඹ මෙතරම් ආත්මාර්ථකාමී වූවේ 
නුඹේ පෙර පව් පැටවෙන්නේ මා පිටද 
මා නුඹට දායාද කළ 
ගහ කොළ රූරා බීම හෙළුවේ 
මා නොවෙයි, නුඹයි 
ඝන වනාන්තර එළිපෙහෙළි කළේ නුඹයි 
ඇලෙන් ගංගාවට 
ගංගාවෙන් සාගරයට 
කුණු පිරුණු ජලය පිටවූයේ 
නුඹ නිසයි 
සොබාදම් මවට 
අකීකරු වූවේ නුඹයි 
සොබාදමේ නීතිය 
කැඩුවේ නුඹේ හිතයි 
සත්වයාගේ උසස්ම මනස දායාද වුන නුඹම 
අනාගතයේ ව්‍යවසනය නොදුටුවේද ? 
අනාගත කළකිරිම නොහැඟුනේද ?
නුඹේ අනුමෝදම මට අවැසි නැත 
එහි යාඥාව නුඹටම කරගන්න 
එරෙහි වූ සොබාදමේ 
ආශිර්වාද යළි ලැබ ගන්නට 
සොබාදම නුඹට අනුකම්පා කරාවී 
පසුවත් නුඹ දෙසම බලා සිටීවි 
පලුද්ද නැති කළ නොහැක 
එනමුත් හිත හැදෙන තැනට 
මානව නුඹට කටයුතු කළ හැක 
ඇයට අන් කවරදාටත් වැඩියෙන් ආලය කරන්න 
ඇයව දිවි ඇති තෙක් රැක ගන්න 
කිසිදින නුඹට මෙවන් විපත් උරුම නොකරාවි 
නුඹේ ආලයට පෙරලා ආලය ඇය ලබා දේවි 

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.